World

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

doneld-trmp

ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි. ට්‍රම්ප් නියෝජිත ඡන්ද (ආසන) 538න්, බහුතරය වන ඡන්ද 276 ලබා ජයග්‍රහණය කර තිබේ. (ආසන 270ක් ජයග්‍රහණය කිරිම ඇමෙරිකාවේ ජනපති වශයෙන් තේරී පත්වීමට ප්‍රමාණවත්ය)

ඇමෙරිකානු ඉතිහාසයේ දේශපාලන පසුබිමක් නොමැතිව, වඩාත් ආකර්ෂණීය චරිතයක් ලෙස කරළියට පැමිණි ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමෙරිකාවේ වත්මන් ජනපති බරැක් ඔබාමා පාලනයේ මෙන්ම, ප්‍රධාන දහරාවේ මාධ්‍යවලද පරාජයක් බව විදෙස් විචාරකයෝ පවසති.

ජනාධිපතිවරණය ආරම්භයේ සිටම ප්‍රධාන දහරාමේ මාධ්‍යවලින් සහයෝගයක් නොලැබූ ට්‍රම්ප්, විවිධ බාධක මධ්‍යයේ තරග බිමේ සිටි ට්‍රම්ප්, ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨ කිරීමේ සටන් පාඨයෙන් තරග කළේය.

එමෙන්ම, රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා ලෙස තරග කළ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙත ජනපති ඔබාමාගේ නොමද සහයෝගයක් ලැබුණත්, වරින්වර මතු වූ ඊමේල් ගනුදෙනු සිද්ධීන් ඇයගේ ජනප්‍රියත්වයට බලවත් තර්ජනයක් එල්ල කර තිබුණි.

ඒ අනුව, දැන් ඇමෙරිකාවේ සුක්ඛානම නවක චරිතයක් අතට පත්ව තිබේ. සිය ජනාධිපතිවරණය අභියස වඩාත් කතාබහට ලක්වූ මාතෘකා රැසක් කතා කළ ට්‍රම්ප් ඇමෙරිකාව ලෝක පොලිස්කාරයෙකු කිරීමට වඩා, ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කරන ඇමෙරිකාවක් කරනු ඇති බව බොහෝ දෙනාගේ අපේක්ෂාවයි.

ada.lk

Related posts

ප්‍රංශයේ නිරුවත් නගරයේ 150කට කොරෝනා වැලදෙයි

colombotoday

ඉන්දීය හමුදා කදවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday

ලෝකයේ කිසිදු රටකට මුහුණදිය නොහැකි මිසයිලයක් රුසියාව හදයි – ඇමරිකාව තිගැස්සෙයි

colombotoday

“සමලිංගිකත්වය යනු දෙවියන් වහන්සේගේ කැමැත්තයි“ – පෝලන්ත දේවගැතිවරයෙක් කියයි

colombotoday

අඹුසැමි ඇසුරටත් ‘සීකා‘ හරහට හිටී ! මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම අනතුරක

colombotoday