Colombo Today Local News

ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයෙක් මිය යයි

සෞඛ්‍ය උපදෙස් මත තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වීමෙන් අනතුරුව හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් මරණයට පත්ව ඇතිබව හලාවත රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි පවසයි.

මරණයට පත්ව ඇත්තේ බිංගිරියල පානවැව පදිංචි සූරියබංඩාරලාගේ සුදාරිස් නැමති 71 හැවිරිදි තිදරු පියෙකි.

මෙම පුද්ගලයා උණ සහ ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් පසුගිය මාසයේ 30 දින හලාවත රෝහලට ඇතුලත්ව ඇත. එහි විශේෂ කොරෝනා ඒකකයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී සුවවීමෙන් අනතුරුව රෝගියාගේ බලවත් ඉල්ලීම මත ඔහුව රෝහලෙන් නිදහස් කර ඇත.

ඒ අනුව මෙම රෝගියා මේ මාසයේ 01දා සිට තම නිවසේ ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබිණි. මෙම පුද්ලයා තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී නැවත අසාධ්‍ය වීම හේතුවෙන් හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එදිනම මරණයට පත්ව ඇත.

පී සී ආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල් කොටස් පරීක්ෂාවට යවා ඇති බවත් එහි ප්‍රතිඵල මේ වනවිටත් නොලැබී ඇතිබවත් සිදුකළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසීය.

Related posts

බුදු පිළිම වහන්සේ නමක් වැඩමවීමට දෙමල ජාතිකයන් විරුද්ධවූ මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළුවීම තහනම් කරයි

colombotoday

අගවිනිසුරුගේ මතය විමසමින් ලිපියක් යැවුවේ නෑ. කතානායක මාධ්‍ය අංශය

colombotoday

“අතුරුදන් කාර්යාල පත්වීම්වලට අපි එකග නෑ” – ජෝන් සෙනවිරත්න

colombotoday

ඇමරිකානු හා ඉන්දීය යුද නැව් දෙකක් කොළඹ වරායට

colombotoday

පොලිස් නිලධාරින් හප්පා පලාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

colombotoday

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

colombotoday