Colombo Today Local News

පියා පැදවූ රථය ඇළට පෙරලී දියණිය මිය යයි.

රාජාංගනය ප්‍රදේශයේදී එකම පවුලේ පස් දෙනෙකු ගමන් ගත් කාර් රථයක් ඇලට පෙරලී අට හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව රාජාංගනය පොලීසිය පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ රාජාංගනය, අඩම්පනේ පදිංචි පවුලක අට හැවිරිදි දියණියකි.

එකම පවුලේ මව, පියා සහ දියණියන් තිදෙනා බෙලි අත්ත ප්‍රදේශයේ පදිංචි හිතවතකුගේ නිවසකට ගොස් නැවත රාජාංගනය, අඩම්පනේ පිහිටි පදිංචි නිවස කරා පැමිණෙමින් සිටියදී, පුත්තලම අනුරාධපුර මාර්ගයේ රාජාංගනය ඇද බෝක්කුව ප්‍රදේශයෙදී ඊයේ(30) අළුයම 03.45 ට පමන අනතුරට මුහුණ දීමට සිදුව ඇත. කාර් රථය පැදවූ පියාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බව රාජාංගනය පොලීසිය කියයි.

අනතුරේදී පියා සහ මව, පිහිණීමේ හැකියාව තිබු වැඩිමහල් දියණියන් දෙදෙනා ජීවිත බේරාගෙන ඇති අතර පවුලේ අට හැවිරිදි බාල දියණිය ජලයේ ගිලී මිය ගොස් ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ රාජාංගනය පොලිසිය සිදු කරයි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

Hand job OK… රන්ජන් – ටීනා ෂනෙල් හඩපට එළියට !

colombotoday

ඉස්ලාමීය පෙළ පොත් සම්බන්ධයෙන් සොයන්න කමිටුවක්

colombotoday

කොරානා අස්සේ ඉන්දියානු ජාතිකයෙකුගේ උපන්දිනය සමරන්න දඹුල්ලේ දින දෙකක් උත්සව පවත්වති.

colombotoday

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

colombotoday

බාල තෙල් ගෙන්නල හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා..

Admin