Colombo Today Local News

කොරානා අස්සේ ඉන්දියානු ජාතිකයෙකුගේ උපන්දිනය සමරන්න දඹුල්ලේ දින දෙකක් උත්සව පවත්වති.

කොරානා තත්වය නිසා රටම වසා ඇති අවස්ථාවක දඹුල්ල නාගරික බල ප්‍රදේශයේ දඹුල්ල නගරාධිපතිවරයාගේ මූලිකත්වයෙන් උත්සව දෙකක් පවත්වා ඇති අතර එතුමාට හිතවත් මාධ්‍යවේදින් හා රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශවල නිලධාරින් ද මෙම උත්වයට සම්පන්ධ කරගෙන ඇත.
මෙම උත්සව පවත්වා ඇත්තේ 2021 – 6 – 16 ආහාර පාර්සල් බේදා දීමේ උත්සවයක් ලෙසින් දඹුල්ල ළමා නිවායකදි හා නගර සඵාවේදි හා නගර සභාවේ නගරාධිපතිගේ නිවසේදීය.

දෙවන උත්සවය (17) ඊයේ පවත්වා ඇත්තේ දඹුල්ල නගර සභාවේ කුණු දමන ස්ථානය වන දිගම්පතහා රක්ෂිත ප්‍රදේශයේදිය. එහිදි දඹුල්ල නගර කුණු වලින් කාබනික පොහොර නිපදවන කවහීමා ව්‍යාපෘති භූම්යේදි සිදු කොට ඇති අතර එය සිදු කොට ඇත්තේ චීන උණගස් සිටුවීමේ ව්‍යාපෘතියක් ලෙසින් උණ පැල 500 ක් සිටු විමයි . ඒ අවස්ථාවට ආරක්ෂක හා රාජ්‍ය නිලධාරින්ද ? සම්බන්ධ වි ඇත්තේය.

මෙම බොහො අවස්ථා වලදි නගරාධිපතිවරය මුහුණු අවාරණ ඉවත් කොට සිටින අන්දම දැග ගත හැකි විමත් කොරොනා නිතිය නොසලකා හැරිබවට ප්‍රබල සාදකයන්ය…

මෙම උත්සව දෙකම සිදු කොට ඇත්තේ ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකුගේ පුතුගේ උපන් දිනයට බව පැවසේ. ඒ බව සදහන්වන බැනර් එකක් ආහාර මළු බේදා දුන් ස්ථානයේ දමා තිබුණි ….

එහි සදහන් ආකාරයට ඩුබායි රටේ ව්‍යාපාරයක් කරන පුද්ගයකුගේ පුතුගේ උපන්දිනය නිමිත්තෙන් මෙම ආහාර මළු බේදා දි ඇති අතර ඊයේ (17) දින පැල සිටුවා ඇත්තේ ජනපතිතුමාගේ උපන්දිනය හා ලොක පියවරුන්ගේ දිනයත් ව්‍යාපාරික පුතාගේ උපන්දිනයත් වෙනු වෙන්ය. එම බැනර් එකේ නගරාධිපතිවරයාගේ හා ව්‍යාපාරිකයින්ගේ සේයාරූද ඇතුලත් කොට තිබුණි.

කොරොනා වැනි වසංගත අවස්ථාවක ව්‍යාපාරිකයින්ගේ මුදලින් අසරණයන්ට ආහාර ලබාදිම මෙන්ම උණ ගස් සිටු වීමද යහපත් හොද ක්‍රියා වුවද කොරෙනා සමයේ නිති රීති අනුගමනය කල යුතුය. ඒ කිසිවක් නැතිව මේ අන්දමින් සංචරණ සීමා පවතින සමයක් ජනතාව එකතු කර උත්සව පැවැත්වීම නොකල යුතු වුවද දඹුල්ල ප්‍රදේශයේ දි කොරොනා නිතිය අභියොගයට ලක් කරමින් විවිධ කාර්යන් සිදු කිරිම නිරන්තරව සිදුවේ…

රටේ නිතිය පොදු වුවද දඹුල්ල ප්‍රදේශයේදි එසේ නොවීම පිලිබදව කිසිවෙකු එළිපිට ප්‍රශ්ණ නොලද ? ජනතාව ඒ පිලිබදව ඇත්තේ කල කිරිමෙන්ය. ජනපති අගමැති ප්‍රමුක ආණ්ඩුව අපහසු තාවයට පතිකිරිමත් නිලධාරීන් නිතිය නවීමත් නිතර සිදු වන බවත් බොහෝ ආයථන වල නිලධාරින් සේවකයින් දැඩි කල කිරිමෙන් පසුවෙන බව අපට වාර්තාවේ….

කොරොනා නිතියට අනුව කොළඹ හෝටලයක උපන්දිනයක් සැමැරු නළු නිලියන් අතුළු පිරිසක් නිරොධායන නිතියට අනුව අත්වඩංගුවට ගත් අතර රටේ බොහෝ ස්ථාන වල උපන්දින පාටි දැමු අය අත්වඩංගුවට ගනිද්ධි , දඹුල්ල ප්‍රදේශයේ ‍පැවැති මෙම උත්සවයට දඹුල්ල ප්‍රාදේශිය ලේකම් තුමා මාතලේ දඹුල්ල පොලිස් ප්‍රධානින් සම්බණ්ධ කරගත්තේ කේසේද ? මේ පිලිබදව පිරික්ෂණ පැවැත්වීම නිතිය හරියට රකින අයගේ යුතුකම නොවන්නේද ?

Related posts

පුත්තලමේ සුෆි බැතිමතුන් ඉලක්ක කර වහබ්වාදීන්ගෙන් ප්‍රහාරයක්

colombotoday

දිවිසැරියට සමු දුන් ගාමිණී ජයවික්‍රම

Admin

සූදු ගැසූ බදුල්ල ඩිපෝ සේවකයින් අත්අඩංගුවට

colombotoday

කොටි මරා මස් සහ ශරීර කොටස් අලෙවි කිරීමේ ජාවාරමක්

colombotoday

කොරෝනා වෛරසයෙන් මියගිය අයගෙන් 9ක් මුස්ලිම්. | වැලලෙන්න ඉල්ලමින් මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

තිලිණි ප්‍රියමාලි යළි ඇතුළට : ජානකීට ඇප

Admin