Colombo Today Local News

මංගල සමරවීර බණ නැවත්තුවාට බුද්ධශාසන ඇමතිගේ කනගාටුව

බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පැවැත්වෙන් රාජ්‍ය වෙසක් උත්සවය අද 29 ජාතික රූපවාහිනියේ සජීවීව විකාශය කරමින් තිබියදී සජීවී විකාශනය නවතා දමන ලෙස ඇමති මංගල සමරවීර විසින් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන වෙත නියෝග කර ඇත. එම නියෝගය හේතුවෙන් සජීවී විකාශය නවතා දැමීමට ක්‍රියා කර ඇත.

මෙසේ සජීවී විකාශ අත්හිටුවන අවස්ථාවේ රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවා ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසිනි. මෙම සිද්ධිය හේතුවෙන් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා දැඩි කනස්සල්ලට පත්ව ඇති අතර දුරකථනය ඔස්සේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අමතා තම කනගාටුව ප්‍රකාශ කර ඇති අතර රාජ්‍ය වෙසක් කලාපයට වැඩම කර ඉතා මනරම් අටවිසි බුද්ධ පුජාවක් පැවැත්වීම පිළිබඳව නමස්කාර පුර්වක ස්තූතිය උන්වහන්සේට පළකර ඇත.

Related posts

සොල්දාදුවෙකු ලෙස රට වෙනුවෙන් සටන් කර ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අපව තැබීමට ඔබ කළ මෙහෙවර විශිෂ්ටයි. | ජනපතිගෙන් සුභ පැතුම්

colombotoday

මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව නවත්වයි

Admin

කුල ප්‍රශ්නය නිසා යාපනේ ලේ හිගයක්.. රණවිරුවන් 200ක් ලේ දන් දී දමිළ වැසියන්ගේ ජීවිත රැක දෙති

colombotoday

ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වෘත්තීය සමිති මුදල් නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday

රුසියාවේ අසහාය නායකයා පූටින්.. 76%ක ජනතා කැමැත්තෙන් සිවුවැනි වරටත් ජනපති ධුරයට

colombotoday

ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වූ බව ෂෙහාන් මැති සබයට සතුටින් දැනුම් දෙයි

Admin