Colombo Today Local News

ඇමති අනින් රාජ්‍ය වෙසක් උත්සවයේ ආගමික වතාවත් සජීවී විකාශය අතරමග අත්හිටුවයි

බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ පැවැත්වෙන් රාජ්‍ය වෙසක් උත්සවය අද 29 ජාතික රූපවාහිනියේ සජීවීව විකාශය කරමින් තිබියදී සජීවී විකාශනය හිටි හැටියේ නවතා දැමීමට කටයුතු කර ඇත.

අද පස්වරුවේ උත්සව සභාවේ ආගමික කටයුතු ආරම්භ කර සුළු මොහොතකින් හිටි හැටියේ සජීවී විකාශය නැවැත්වීමට කටයුතු කර තිබේ. මෙසේ සජීවී විකාශ අත්හිටුවන අවස්ථාවේ රැස්ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවා ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසිනි.

මේ පිළිබදව මාධ්‍යවේදීන් ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශකර ඇත්තේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නියෝගය පරිද මෙම සජීවී විකාශනය නැවැත්වීමට කටයුතු කළ බවයි.

එහෙත් ඒ පිළිබදව බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් විමසද්දී එහි උසස් නිලධාරියෙක් ප්‍රකාශකර ඇත්තේ තම අමාත්‍යාංශය එවැනි නියෝගයක් ලබා නොදුන් බවයි.

කෙසේ වෙතත් ජාතික රූපවාහිනී සංස්ථාවේ සේවකයන් පවසන්නේ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ නියෝගය පරිදි රූපවාහිනී සභාපතිවරයා විසින් මෙලෙස සජීවී විකාශනය අතරමග අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි.

මෙම උත්සව අවස්ථාවසඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රී නලින් බණ්ඩාර, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා, බුද්ධ ශාසන ලේකම්වරයා ඇතුළු බුද්ධශාසන අමාත්‍යාංශයේ සහ උසස් රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිට ඇත.

මේ පිළිබදව බොදු බල සේනා සංවිධානයෙන් විමසූ අවස්ථාවේ  එහි ප්‍රකාශකයෙකු පැවසූවේ බලයෙන් ඔලුව උදුම්මාගත් මංගල සමරවීර ඇමතිවරයාගේ බොදු විරෝධය තම සංවිධානය හෙළාදකින බවයි.  අද වැනි වෙසත් පොහෝ  දිනයක මෙවැනි පුද්ගලයන්ට මෛත්‍රී කරනවා හැර වෙන කරන්නට දෙයක් නොමැති බවද හෙතෙම සදහන් කර සිටියා.

Related posts

කෙහෙළිය පුත් රමිත රිමාන්ඩ්!

Admin

මහින්දට, ගෝඨාභයට හමුදා ප්‍රධානීන්ට ‘‘අතුරුදන්වූවන්ගේ පනත“ හරහා එතෙරදී නඩු… චෝදනාව සමූලඝාතන

colombotoday

ලොකු ළුෑණු මිල ඉහළට

Admin

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

colombotoday

2024 නව පාසල් වාරය පෙබරවාරි ඇරඹෙයි

Admin

ලංකාවේ කොරෝනා බෝකළේ ගෝටාභය.. කොරෝනා මර්නදය කළේ රතු තරුවෙන් -ටිල්වින්

colombotoday