Colombo Today Local News

ගෝලීය ශ්‍රී ලංකා සංසදය “ජිනීවා” සටන අරඹයි

මේ වන විට ජාත්‍යන්තරය පුරා විසිරී සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක්‌ව තිබෙන ගෝලීය ශ්‍රී ලංකා සංසදය රට බේරාගත් රණවිරුවන් වෙනුවෙන් යළිත් ජිනීවා සටනට උර දෙමින් ලබන 18 වැනි ඉරුදින ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටදී කොටි ත්‍රස්‌තවාදීන්ට හා කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවට එරෙහිව දැවන්ත උද්ඝෝෂණයක්‌ පැවත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ.

යුරෝපය පුරා විසිරී සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් අති විශාල පිරිසක්‌ ගෝලීය ශ්‍රී ලංකා සංසදය සමඟ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක්‌වීමට සූදාම්ව සිටිති.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට අමතරව සංසදයේ අනුග්‍රාහකත්වය මත මෙවරද අද්මිරාල් සරත් වීරසේකර සහ ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් එක්‌සත් ජාතීන්ගේ 37 වැනි මානව හිමිකම් සැසිවාරයට සහභාගි කරවමින් උපන් බිම වෙනුවෙන් වෙනදාටත් වඩා සැලසුම් සහගත ක්‍රියාන්විතයක්‌ මානව හිමිකම් සමුළුව තුළ දියත් කිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය සුදානමින් සිටී.

විදේශගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයක්‌ ලෙස ඉකුත් 2016 වසරේදී ඉතාලියේ මොදේනා නුවරදී නීත්‍යනුකූලව ලියාපදිංචි කරන ලද ගෝලීය ශ්‍රී ලංකා සංසදය එතැන් පටන් ලොවපුරා විසිරී සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිත කිරීම ආරම්භ කෙරිණි.

එහිදී දේශප්‍රේමී සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් එයට හිමි වූයේ ඉතා ඉහළ පිළිගැනීමක්‌ බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ වත්මන් සභාපති වසන්ත කීර්තිරත්න මහතා පැවසීය.

ඉතාලියේ මොදේනා නුවර කේන්ද්‍රීයව සිදුවූ ඉහත කී ආරම්භයත් සමගම දීර්ඝ කාලයක සිට කොටි හිතවාදීන්ගේ ප්‍රවේනිගත උරුමයක්‌ සේ පැවති ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හමුවට ආචාර්ය නාලක ගොඩහේවා, අද්මිරාල් සරත් වීරසේකර වැනි මෙරට විද්වතුන්ද සමග පියනගන්නට එම සංසද සමාජිකයෝ පියවර ගත්හ.

එම ආගමනයත් සමඟ උපන් බිමට යළි ජීවය දුන් රණවිරුවන් වෙනුවෙන් මේ දක්‌වා කිසිදු රජයකට කළ නොහැකි වූ කාර්යභාරයක්‌ ආරම්භ කළ ඔවන්q එතෙක්‌ මානව හිමිකම් කොමිසම හමුවේ රඟමින් සිටි කොටි හිතවාදීන්ට අමතක නොවන පාඩමක්‌ කියා දුන්නේ කොටින්ට උන්හිටි තැන්ද අමතක කරවාලමිනි.

මෙවර මානව හිමිකම් සැසියට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිතයන් සහභාගි වීම ඉකුත් සතියේදීම ආරම්භ වූ අතර ඉතාලිය, ඉශ්‍රායලය, ස්‌විට්‌සර්ලන්තය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්‌වීඩනය, ඩෙන්මාර්කය, කැනඩාව, කොරියාව ඇතුළු රටවල් ගණනාවක නියෝජිතයන් ඊට එක්‌වීමට නියමිතය.

එයට සමගාමීව මෙම මස 19-20-21 යන දිනවල සමාන්තර සැසිවර සංවිධානය කර තිබෙන අතර ඒ සඳහා විදේස්‌ රටවල නියෝජිතයන් විශාල පිරිසක්‌ සම්බන්ධ කරගනිමින් කොටි ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්ඡත්වය ඉදිරියේ පවා නොසැලී තිබූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ මානුෂිකත්වය ලොවට පෙන්වා දීම ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ අරමුණ බව එහි සභාපති වසන්ත කීර්තිරත්න මහතා සඳහන් කළේය.

විදේශ නියෝජිතයන්ට මෙසේ සත්‍ය පැහැදිලි කිරීම තුළින් ශ්‍රී ලංකාවේ උන්නතිය විනාශ කිරීම සඳහා කොටි හිතවාදීන් හා ඩයස්‌පෝරාව එල්ල කරන නින්දිත ප්‍රහාර ව්‍යර්ථ කිරීම ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ අභිප්‍රාය බවද ඒ මහතා පැවසීය.

ජිනීවා මානව හිමිකම් කවුන්සලය තුළ ගොAලීය ශ්‍රී ලංකා සංසදය දියත් කරනු ලබන ක්‍රියාන්විතය එසේ වෙද්දී පසුගිය කාලය පුරා ඔවුන් විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණගැසෙමින් උපන් බිම වෙනුවෙන් කළ කරුණු දැක්‌වීමද බොහෝය.

සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න ඇතුළු සංසදයේ ඉතාලි නියෝජිතයන් පිරිසක්‌ ඉතාලි පාර්ලිමේන්තු ලොබියේදී එරට පක්‍ෂ විපක්‍ෂ දේශපාලන ප්‍රධානීන් දෙදෙනකුට සංදේශ භාර දෙමින් කොටි ත්‍රස්‌තයන් ශ්‍රී ලංකාව තුළ සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාර සහ ශ්‍රී ලංකාවට එරෙහි ඔවුන්ගේ වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කිරීමට ඉකුත් නොවැම්බරයේදී කටයුතු කරනු ලැබීය.

එසේම සංසදයේ මහාබ්‍රිතාන්‍යයේ සම සභාපති ඉන්දික ගුණසේකර මහතා සහ ලේකම් මැණික්‌ මාලියද්ද මහත්මිය එරට ආරක්‍ෂක ඇමැති ටෝබියස්‌ එල්වුඩ් මහතා මුණගැසී කොටිහිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේ ශ්‍රී ලංකාවට හා රණවිරුවන්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ ඉකුත් සතියේදී සංදේශයක්‌ භාරදෙනු ලැබීය.

එංගලන්තයේදී නේස්‌බි සාමිවරයා හමුවීමටද පසුගිය මාසයේදී ගෝලීය ශ්‍රී ලංකා සංසදය කටයුතු කළ අතර ඒ සමගම බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට නිදහස්‌ දා කොටි හිතවාදීන් පැවත්වූ උද්ඝෝෂණයට එරෙහිව විරෝධතාවක යෙදෙන්නටද පියවර ගනු ලැබීය.

එම විරෝධතාවට සභාපති වසන්ත කීර්තිරත්න මහතා සහ ඉතාලි නියෝජිතයන් පිරිසක්‌ සමඟ එංගලන්තයේ සම සභාපති ඉන්දික ගුණසේකර මහතාද එක්‌ව සිටි අතර ස්‌විට්‌සර්ලන්තයේ සංසද සභාපති වන ජිනීවා අරගලයේ මූලාරම්භක සාමාජික රොෂාන් වීරපුර විසින් ඉහළම එයට දායකත්වයක්‌ ලබාදී තිබිණි.

– දිවයින

Related posts

රජයේ අත්‍යවශ්‍ය සේවා ආයතන වලට හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Admin

ලංවිම සභාපති කෝප් කමිටුවට ලබා දුන් ප්‍රකාශය ඉල්ලා අස්කර ගනියි

colombotoday

රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලට

Admin

යුද හමුදා හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට..

colombotoday

මන්නාරම් කෝවිලේ දේව ප්‍රතිමා හැදු ක්‍රිස්තියානි ඇමති ජෝන් ජනපති කැදවයි

colombotoday

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙක් අත්අඩංගුවට

colombotoday