Colombo Today Local News

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

“දළදා හාමුදුරුවන්ගේ ආශීර්වාදයෙන්, ජය ශ්‍රී මහා බෝ හිමියන්ගේ ආශීර්වාදයෙන්, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන්ගේ ආශීර්වාදයෙන්, තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් සියලු දෙවි දේවතාවන්ගේ ආශීර්වාදයෙන්… ආරක්ෂාවෙන්… රැකවරණයෙන් ඔබවහන්සේලා කරගෙන යන ශාසනික, අපේ එකම රට ආරක්ෂා කරගන්න ගෙන යන ව්‍යාපාරයට, ඔබවහන්සේලාට ශක්තිය… ධෛර්ය… බලය… වාසනාව… නිරෝගී සුව… දීර්ගයුෂ ලැබේවායි එකසිතින් ප්‍රර්ථනා කරනවා” යැයි පවසමින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නායක ස්වාමින් වහන්සේ බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලාට ආශීර්වාද කරන ලදි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ බොදු බල සේනා සංවිධානය සහ අනෙකුත් ජාතික සංවිධාන ඉලක්ක කර ඇති නිර්දේශ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මහනායක, අනුනායක හිමිවරු බැහැදැකීම සඳහා ඥානසාර හිමියෝ ඇතුළු භික්ෂුන් වහන්සේලා ඊයේ (8) දින මහනුවරට වැඩම කරන ලදි.

2001 වසරේ බුද්ධශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නැගී එන ඉස්ලාම් අන්තවාදය සහ ක්‍රිස්තියානි මුලධර්මවාදය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කර තිබූ බවත් එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම නිසා මේ ප්‍රශ්නය පිළිබඳව කතා කිරීමට සිදුවූ බවත් ඥානසාර හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.

2014 වසරේ අලුත්ගම ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමට හේතු පැහැදිලි කල උන්වහන්සේ රැස්වීම තිබුනේ අලුත්ගම නගරයේ බවත් රැස්වීම අවසන් වී නිවෙස්බලා යමින් සිටි මිනිසුන්ට ඊට කිලෝමීටර කිහිපයක් දුරින් තිබුණු ධර්ගා නගරයේදී මුස්ලිම් ජාතිකයන් විසින් ගල්ගැසූ බවත් සත්‍ය එසේ වුවද එහි චෝදනාව එල්ලවුවේ බෞද්ධ සමාජයට බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

Related posts

“කිසිම සැලැස්මක් ආණ්ඩුවට නැහැ. එක්යි කැබිනට් සං⁣ශෝධනයක් නොකරේ. කූට්ටම කොහොම ඇණුවත් ඉන්නේ ජෝකර්ලා”

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ වෙනස් වෙයි

Admin

ජනාධිපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට

colombotoday

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday

කටුනායක ගුවන්තොටුපොළේ පැය 24ම එන්නත්කරණ මධ්‍යස්ථානයක්

colombotoday

පවතින අර්බුදය කඩිනමින් විසදීමට අගමැති සූදානම් – එජාප මහලේකම්

colombotoday