Colombo Today Local News

රථවාහන පොලිසිය ඩිජිටල්කරණයට

රථවාහන පොලිසිය ඩිජිටල්කරණය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.

අවිධිමත් රථවාහන භාවිතය, මාර්ග අනතුරු, මරණ, තුවාලවීම් සහ රෝහල්ගත කිරීම්, අක්‍රමවත් සහ නොසැලකිලිමත් රිය පැදවීම්, මංතීරු නීති හා මාර්ග සංඥා නොසලකාහැරීම්, මහාමාර්ග අසල වාහන නතර කිරීම් මෙන්ම නාගරික ප්‍රදේශවල මාර්ග තදබදය ද වැඩි වී ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

දඩ මුදල් අය කිරීම විධිමත් කිරීමටද අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව රථවාහන හැසිරවීම පාලනය හා කළමනාකරණය කිරීමේදී සන්නිවේදනය විධිමත් කිරීම් සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රම හා නව උපකරණ හඳුන්වාදීමටද නියමිතය.

පරිගණක මෘදුකාංග ජංගම යෙදවුම් හා සුහුරු උපකරණ හඳුන්වාදීම ද සැලසුම් කර තිබේ. ලේඛන කටයුතු, පොත් තැබීම, වාර්තා පවත්වාගෙන යාමද ඩිජිටල්කරණය කරන අතර මෙම ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටද නියමිතය.

Related posts

බටහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන පාර්ශ්ව වෙත දීමේ තීරණයට විරෝධය

colombotoday

කැෆේ කිර්තිට මැකෝගෙන් ටොක්කක්

colombotoday

අමාත්‍යාංශය බාරගත්තේ රටේ තත්ත්වය ගැන හිතලයි… ඇමැති ධුරයකට ඇති ගිජුකම නිසා නෙවේ.

colombotoday

තෙමහල් නිවසක භූගත බංකරයක්… හිමිකරු කොළඹ ව්‍යාපාරිකයෙක්…

colombotoday

පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !

colombotoday

තිස්ස විහාරේ සිද්ධිය වාර්තා කරන්න ගිය මධුභාෂණට වට්ස්ඇප් මැර තර්ජන

Admin