Colombo Today Local News

පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප යොදා ගත් සිසුවෙක් කෝටිපතියාගේ ගිණුමක් හිස් කල හැටි

කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක 15 හැවිරිදි සිසුවියක් රවටා නිරුවත් ඡායාරූප ලබාගෙන සමාජ ජාලාවලට නිකුත් කරන බවට තර්ජනය කරමින් ඇගේ ව්‍යාපාරික පියාගේ ගිණුමෙන් සූක්ෂමව මුදල් ලබාගැනීමේ සිදුවීමක් අධිකරණයට වාර්තා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශනයක් අරඹා ඇති අතර ගිණුමෙන් මුදල් ලබා ගත් ආකාරය සූක්ෂම බවයි එම කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා සඳහන් කළේ.

මෙම කාන්තා පාසලේ සිසුවියක් තමාට පෙම්වතකු සිටින නිසා තම පන්තියේ තවත් මිතුරියකට පවසා ඇත්තේ ඇයටද පෙම්වතකු සොයාගන්නා ලෙසයි.

ෆේස්බුක් හරහා පෙම්වතකු සොයා ගැනීමට එම සිසුවියට හැකිවී ඇති අතර ඔහු තම පෙම්වතියට පවසා ඇත්තේ තමන් ගම්පහ ප්‍රධාන පෙළේ විද්‍යාලයක ඉගෙනුම ලබන බවයි.

පසුව පෙම්වතා සිය පෙම්වතියට පවසා ඇත්තේ ඇය නැති අවස්ථාවලදී දැක බලාගැනීමට ඇගේ නිරුවත් පින්තූර ඔහු වෙත එවන ලෙසයි.

ඔහු ගැන විශ්වාස කළ ඇය ඡායාරූප කිහිපයක් ඔහු වෙත යොමුකර තිබෙනවා.

පසුව දිනක් පෙම්වතා පියාගේ ක්‍රෙඩිට් පතේ ඡායාරූපයක් තමා වෙත එවන ලෙස දැනුම්දී ඇති අතර ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු ඇයට පවසා ඇත්තේ පියාගේ ක්‍රෙඩිට් කාඩ් පතේ පින්තුරයක් නොඑවන්නේ නම් නිරුවත් පින්තූර ෆේස්බුක් ජාලයට එක කරන බවයි.

බියට පත් සිසුවිය පියා නින්දට ගිය විට කාඩ්පතක ඡායා පිටපතක් පෙම්වතාට යවා ඇති බව පොලිස් පරීක්ෂණවල දී හෙළිව තිබෙනවා.

පසු කලෙක සිසුවියගේ පියාට වැටහී ඇත්තේ සිය බැංකු ගිණුමෙන් මුදල් අඩුවන බවයි.

ඔහු බැංකුවෙන් කළ විමසීමකදී දැන ගැනීමට ලැබී ඇත්තේ ක්‍රීඩාවක් සඳහා දිනකට රුපියල් දස දහසක් ඔහුගේ බැංකු ගිණුමෙන් ආයතනයකට බැරවන බවයි.

පසුව මෙම ව්‍යාපාරිකයා දියණියගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ විට තරුණයකු සමඟ සම්බන්ධ වී යැවූ පින්තුර දැක ගැනීමට ලැබී ඇති නිසා ඔහු මේ බව දන්වමින් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පහළොස් හැවිරිදි පෙම්වතා ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර ඔහු අන්තර්ජාලය හරහා ක්‍රීඩාවන්හි නිරත වීමට තදින් ඇබ්බැහි වූ අයකු බව හෙළිව තිබුණා.

මොහු ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන සිසුවකු නොවන අතර දුෂ්කර ප්‍රදේශයක පිරිවෙනක අධ්‍යාපනය ලබන සිසුවකු වනවා.

ඔහුගේ පියාද පොලිසියට කැඳවා ඇති අතර එහිදී පියා පවසා ඇත්තේ තමා ඉතාමත් දුප්පත් අයකු බවයි.ණයට මුදල් ගෙන ජංගම දුරකථනයක් රැගෙන දුන්නේ ඔන්ලයින් ක්‍රමයට ඉගෙනීමට අවශ්‍ය බව කී නිසා බවද හෙතෙම පොලිස් නිලධාරීන්ට පවසා තිබෙනවා.

සැකකාර 15 හැවිරිදි සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට යොමුකර ඇති අතර සිසුවිය මනෝ වෛද්‍යවරයකු වෙත යොමුකර තිබෙනවා.

Related posts

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේම සභාපති තනතුරු සජිත් ඉල්ලයි

colombotoday

“තවමත් ඇමති මමයි“…. චම්පික රණවක නැවතත් ඇමති පුටුවේ වාඩි වෙයි…

colombotoday

කවුරු විරුද්ධ වුණත් තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා – තැපැල් ඇමති හලීම්

colombotoday

අයවැය සම්මතකරගන්න TNA මන්ත්‍රීන්ට කෝටි දෙක බැගින් අල්ලස් දුන්නා…

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදය පැවති හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා

colombotoday

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ.. එක කොළඹ විශාකාවට.. දෙක මහනුවර මහමායා බාලිකාවට

colombotoday