World

මුස්ලිම් පියාට සහ බෞද්ධ මවට දාව උපන් කාන්තාවක් මුස්ලිම් නොවන බවට අභියාචනයකින් තීන්දු කරයි

මුස්ලිම් පුරුෂයෙකු හා බෞද්ධ කාන්තාවකට දාව උත්පත්තිය ලැබූ මැලේසියානු කාන්තාවක් අවුරුදු 5ක දීර්ග නඩු විභාගයකින් පසුව මුස්ලිම් නොවන කාන්තාවක් ලෙස නම්කිරීමට එරට අභියාචනාධිකරණය තීන්දු කිර තිබෙනවා.

විනිසුරුවරුන් නව දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක බහුතර තීරණය මත එම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

තීන්දුවේ කොටසක් ලෙස, විනිසුරුවරුන් හත් දෙනෙකු තීරණය කළේ රොස්ලිසා මහත්මිය ඉල්ලා සිටි සියලුම අධිකරණ නියෝග අධිකරණය විසින් ලබා දෙන බවටයි.

ඒ අනුව ඇය අවජාතක බවත්, අභාවප්‍රාප්ත බෞද්ධ කාන්තාවක් වන යාප් අහ් මූයි ඇගේ මව බවත්, ඇය ඉස්ලාම් ආගම පිළිගන්නා පුද්ගලයෙකු නොවන බවත් මුස්ලිම්වරුන් සඳහා වන සියලුම සෙලන්ගෝර් ප්‍රාන්ත නීති ඇයට අදාළ නොවන බවත්, ඇය කෙරෙහි පියවරක් ගැනීමට සෙලන්ගෝර් ෂරියා උසාවිවලට අධිකරණ බලයක් නොමැති බවත්, අවජාතක දරුවකුගේ පියා “දෙමව්පියන්” යන අර්ථ දැක්වීමට යටත් නොවන බවට අධිකරණය ප්‍රකාශට පත් කළේය.

“ඉස්ලාම් ආගමේ පරිපාලනය (සෙලන්ගෝර් ප්‍රාන්තය) 2003 පනතේ 2 (ආ) වගන්තියේ “මුස්ලිම්” යන්නෙහි අර්ථ නිරූපණය. 2 (ආ) වගන්තිය යටතේ, දෙමව්පියන් හෝ දෙමව්පියන් දෙදෙනාම මුස්ලිම් වූ පුද්ගලයෙකු පුද්ගලයාගේ උපතේදී – මුස්ලිම් ජාතිකයෙකු ලෙස සලකනු ලැබේ.” වගන්ති ප්‍රකාරව මෙම තීන්දු ලබා දී ඇත.

Related posts

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් අමෙරිකාවෙන් හඳුනා ගනී

colombotoday

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

Admin

හූස්ටන් හි පිහිටි කොන්සියුලර් කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාවෙන් චීනයට නියෝගයක්

colombotoday

සුඩානයේ හිටපු අගමැති සදික් අල්-මහඩි කොවිඩ් ආසාදනයෙන් මරුමුවට පත්වේ

colombotoday

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

Admin