Colombo Today Local News

නකල්ස්‌ රක්‌ෂිතයේ ඉඩම් අක්‌කර විසිඑක්‌ දාහක්‌නෑදැ හිතවතුන්ට පවරාදීමට යනවා. – මන්ත්‍රී අයි. ජී. නිශාන්ත බණ්‌ඩාර

ලෝක උරුම නකල්ස්‌ සංරක්‌ෂණ කලාප මායිමේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්‌ථාවට හා ඇල්කඩුව වතු සමාගමට අයත් වතුවල අක්‌කර 21 දාහක්‌ හිතවතුන්ට හා නැදෑයින්ට පවරා දීමට දේශපාලන බලවතුන් ක්‍රියාකර ගෙන යනවා.

මේ වතු රත්තොට හා පාතදුම්බර ආසනවලට අයත්වන ඒවයි. ආරක්‌ෂිත කලාපයේ ඇති මේ ඉඩම් අන්සතු කිරීම අණ පනත් කීපයකින්ම තහනම් කරලා තිබෙනවා. මේ ගැන පුවත්පතක්  මගින් හෙළිදරව් කළා. ඒ ගැන අපේ ගෞරවය එම පුවත්පතට හිමිකර දෙන බව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයි. ජී. නිශාන්ත බණ්‌ඩාර මහතා පවසයි. ඒ මහතා එම අදහස්‌ පළකළේ පසුගියදා පැවැති රත්තොට ප්‍රාදේශීය සභා රැස්‌වීමේදී කතා කරමින්,

සභාපති කුමාරසේන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් රත්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙම රැස්‌වීම පැවැත්විණි.

එහිදී තවදුරටත් කථා කළ නිශාන්ත මන්ත්‍රීවරයා ඉහත ආයතන දෙකට අයත් වතු 22 ක ඉඩම් 35 අවුරුදු බදු පදනම මත මෙහෙම දෙන්න යන්නේ. මේ වතුවලින් වැඩි හරිය රත්තොට ආසනයට අයත් ඒවා. සුදු පාලකයෝ පවා රැකගත් නකල්ස්‌ කඳු වළල්ල මෙහෙම විනාශ කරන්න දෙන්න බෑ. 2012 මහ වැස්‌සට ගෙවල් නාය ගිය පුවල් 70, 80 ඉන්න මැදවත්ත වතුයායේ. කොටසක අක්‌කර 35 ක්‌ දෙන්න සියලු වැඩ මේ වන විට සකස්‌ කරලා. වසර 150 මේ වත්තට කැප කළ වතු කම්කරුවන්ට පර්චස්‌ 10, 15 දෙන්න බැරිවුණා. ආණ්‌ඩුව තමා සල්ලිකාරයන්ට මෙහෙම ඉඩම් දෙන්නේ. මේවා කරද්දී අපට නිහඬව ඉන්න බෑ. අපි කියන්නේ මේක නතර කරන්න කියලා.

ප්‍රදේශීය සභා මන්ත්‍රී ඒ. ජී. සිසිර කුමාර මහතා – නිශාන්ත බණ්‌ඩාර මහතා කළ අදහස්‌ දැක්‌වීම මම අනුමත කරනවා. වසර 2000 දී දැඩි ආරක්‌ෂණ සංවේදී කලාපයක්‌ බවට රජය ප්‍රකාශ කළ නකල්ස්‌ කඳුවැටිය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය 2010 දී ලෝක උරුමයක්‌ ලෙස ප්‍රකාශ කළා. එහෙම ප්‍රදේශයක සීමාවේ තියෙන ඉඩම් තමා අක්‌කරය 2850/} ක්‌ වන මුදලකට දෙන්න යන්නේ. ඒකට අවශ්‍ය පිඹුරුපත් මේ වනවිට සකසා ඉවරයි. මේ ඉඩම් දුන්නට පස්‌සේ ඒවගේ තියෙන ගස්‌ කොළන් කපලා මේ ප්‍රදේශ කාන්තාර බවට පත්වේවි. එතකොට මේ ප්‍රදේශවල තියෙන ස්‌වභාවික ජල මූලාශ්‍ර විනාශවී ප්‍රශ්න රැසක්‌ මතුවේ. ඒ නිසා මේකට විරුද්ධව පුළුල් කථිකාවක්‌ ඇති කළ යුතුයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයි. ජී. ටී. අජිත් බණ්‌ඩාර මහතා – හොරගොල්ල පාලම 2012 ගංවතුරට ගහගෙන ගියා. ඒක 2016 දී මිලියන 22 පමණ වියදම්කරලා යළි හැදුවත් හදලා මාස 2, 3 යනකොට පැති බැම්ම කඩා ගෙන ගියා. මේක මහජනතාව හා මාධ්‍ය හෙළි කළ නිසා දැන් ආපහු හදනවා. හැබැයි නිසි ක්‍රමවේදයට හදන බවක්‌ නම් පේන්න නෑ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිලක්‌ කුමාරසිරි මහතා – මේ ප්‍රදේශයේ විශාල ලෙස ජල මූලාශ්‍ර තිබ්බත් අපේ අය බොන්නේ අසූචි මිශ්‍ර ජලය.මේක කාලයක්‌ තිස්‌සේ තියෙන ප්‍රශ්නයක්‌. හැබැයි අපිට ඒ තත්ත්වය නිවැරදි කරන්න බැරිවෙලා තියෙනවා.

සභාපති කුමාරසේන තෙන්නකෝන් මහතා- “නගරය තුළ ඇති සභාවේ ඉඩම අල්ලාගෙන ඇති බව කිය වුණා. මේක හැමෝම කියන කතාවක්‌. ඒ නිසා අපි මිනින්දෝරුවන් ගෙන්නලා මැනලා මේක නිරවුල් කරගමු. ප්‍රජා ජල ව්‍යාපාති ගැන නම් කියන්නට දෙයක්‌ නෑ. කිසිම පිළිගත් ක්‍රමවේදයක්‌ ඒවයේ නෑ. දෙන වතුරත් බොන්න පුළුවන් ඒවා නොවෙයි. මේක ආරම්භයේ දී සභාවේ පාලනය යටතේ ඒ සඳහාම පිහිටවපු දෙපාර්තමේන්තුවකට භාර දීපු නිසයි මේ අවුල් ඇති වුණේ. ඊළඟට පුස්‌තකාලය තෙමෙන එකයි, නගර ශාලාව තෙමෙන එකටයි කඩිනමින් විසඳුමක්‌ දෙන්නම්. මෙතන අපි මංන්‍රSවරුයි, නිලධාරීනුයි එකට එකතුවෙලා එක කණ්‌ඩායමක්‌ විදිහට වැඩ කරමු. අඩුපාඩු තිබේ නම් ඒවා හදාගමු.

මේ රැස්‌වීම අමතා අතුල වික්‍රමනායක, පිලිප් සේවියර්, විජයසිරි තෙන්නකෝන්, එච්. සුකුමාරන්, ධනුෂ්ක රත්නායක යන මන්ත්‍රීවරුන් ද කතා කළහ.

Related posts

ලැජ්ජ නැතුව හිටපු කී‍්‍රඩා ඇමැති කියනවා තමන්ගේ කාලයේ තරග පාවා දුන්නා කියලා..ගෝඨාභය අයියට බණින්න බැරි හින්දා බැංකු නිලධාරීන්ට බැන්නා

colombotoday

සාකච්ඡා අසාර්ථකයි.. දුම්රිය ස්ථානාධිපති වර්ජනය දිගටම

colombotoday

උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒ

colombotoday

ප්‍රමුඛතා අනුපිළිවෙලට බස්නාහිර පළාතේ රෝහල් 6කදී එන්නත්කරණය අදින් ඇරඹේ

colombotoday

“ලංකාවේ රජයක් තියනවාද??“ සිරිකොතේ අලියාට වෙඩිතැබූ කොස්තාපල් අසයි (Video)

colombotoday

ඇමතිකමකට රට ජාතිය පාවා දුන්න පා.ච.ගේ තුන් හිතකවත් ලැජ්ජාවක් නෑ.. මධුමාධව අමු සිංහලෙන්ම කියයි

colombotoday