Colombo Today Local News

ලැජ්ජ නැතුව හිටපු කී‍්‍රඩා ඇමැති කියනවා තමන්ගේ කාලයේ තරග පාවා දුන්නා කියලා..ගෝඨාභය අයියට බණින්න බැරි හින්දා බැංකු නිලධාරීන්ට බැන්නා

2011 ලෝක කුසලානය පාවා දුන් බවට හිටපු කී‍්‍රඩා ඇමැති කළ නින්දිත ප‍්‍රකාශය අපි හෙලා දකිනවා. එම තරගය ජයග‍්‍රහණය කිරීමට අපේ කොල්ලෝ කොපමණ මහන්සි වුණාද කියා නැවතත් තරගය රූපවාහිණියේ පෙන්විය යුතුයි යැයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය කීවාය.

‘සමගි ජන බලවේගය’ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඇය මේ බව කීවාය. එහිදී වැඩිදුරටත් ඇය මෙසේ ද කියා සිටියාය.

මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ ඒ කාලේ සිටි ප‍්‍රබල ජනාධිපති කෙනෙක්නේ. ඔහු යටතේ සිටි හිටපු කී‍්‍රඩා ඇමැති දැන් කියනවා 2011 ලෝක කුසලානය පාවා දුන්නාලූ. විශේෂයෙන්ම ලෝක කුසලානය වගේ තරගයකදී මේ දෙය වෙයිද කියන ගැටලූව තිබෙනවා. එහි අවසන් තරගයට අලූතින් හතර දෙනෙක් දැම්මාලූ. ඉතින් ඒ අයත් ක‍්‍රිකට් ගහපු අත්දැකීම් තියෙන අයනේ. නැතුව මේ චක්ගුඩු ගහපු අය නොවෙයිනේ. කි‍්‍රකට් ජාත්‍යන්තර මට්ටමේ සෙල්ලන් කරපු අයනේ ඒ දැම්මේ.

අවසන් 15 දෙනා තෝරා ගනිද්දී ඒ අවසන් තරගයට ගැලපෙන හොඳම අයනේ ගන්නේ. ඉතින් එතකොට කී‍්‍රඩකයන් නොවෙයි පාලක මණ්ඩලයෙන් මේක කළා කියලා ඔහුට සැකයක් තිබෙනවා නම් තරග කැඳවීම කවුරු කළත් අවසානයේදී කී‍්‍රඩා කරන්නේ කි‍්‍රඩකයෝ නේ.

එතකොට කී‍්‍රඩකයෙක් අනිවාර්්‍යයෙන්ම මේකට සම්බන්ධ වෙන්න ඕනෑ. එහෙම නැතුව තරග පාවා දෙන්න බෑනේ. ඒ නිසා හිටපු කී‍්‍රඩා ඇමැති කියන මේ දේ ඉතාමත් බරපතළයි. එදා දවසේ තරගය අපි බැලූවා. ඒ පැරදුණු දුක හැම කී‍්‍රඩකයාගේම තිබුණා.

සංගක්කාර, මහේලගේ මුහුණුවල ඒ දුක තිබුණා. ඒ අය ඉතාම කැපවීමෙන් කී‍්‍රඩා කළා කියලා අපි දැක්කා. මහේල ජයවර්ධන ඒ තරගයේ ලකුණු 100 කට වැඩියෙන් ගහනවා. හොඳට මතක තියාගන්න මහින්දවත්, මහින්දානන්දවත්, අපිවත් අපේ රට කවදාවත් ජාත්‍යන්තරයට ගෙනිහින් නෑ. එහෙම කරලා තියෙනවා නම් රට ණය කරපු චීන කොළනියක් කරපු රටක් විදිහට තමයි මේක ලෝකෙට ගිහින් තිබෙන්නේ. ඒ දේශපාලනඥයෝ නිසායි. අපේ රටට පොඩි හරි ගෞරවයක් අරන් දී තිබෙනවා නම් ඒ මහේල, සංගක්කාර වැනි කි‍්‍රකට් කී‍්‍රඩකයන් විතරයි. අපි මේ දේශපාලනඥයෝ වසර 70 ක් කරපු දේ බැලූවොත්, එය මේ කී‍්‍රඩකයන් හා සසඳා බැලූවොත් එය අංශු මාත‍්‍රයක් විතරයි. අපේ රට අද මුළු ජාත්‍යන්තරයම අඳුනන්නේ මේ අපේ කි‍්‍රකට් ටීම් එක නිසායි.

ඒ නිසා ඒ කී‍්‍රඩකයන්ව මේ තත්ත්වයට ඇදලා දැමීම හරි නරක දෙයක්. හරියට දෙබරයට ගලක් ගැහුවා වගෙයි. අපේ කි‍්‍රකට් කී‍්‍රඩකයන්ව සමස්ත රට ඉදිරියේම හෑල්ලූවට ලක් කළා. මිනීමරු ප‍්‍රභාකරන් පවා 1996 ලෝක කුසලානය ජයග‍්‍රහණය කළ විට සතුටු වෙලා අහසට වෙඩි තියා තිබුණා. ඒ වගේම ලංකාවේ හැම දෙනාම කි‍්‍රකට් කී‍්‍රඩාවට ආදරෙයි.

එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහ බැංකු නිලධාරීන්ට බැණලා මේ මහ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. එහි කොටසක් තමයි මහින්දානන්ද අලූත්ගමගේ මහතා කි‍්‍රකට් කී‍්‍රඩකයන් සම්බන්ධයෙන් කියපු කතාව. අවුරුදු නවයක් තිස්සේ බලාගෙන ඉඳලා ඇයි මේ වගේ කතාවක් කිව්වේ. මේ මැතිවරණයක් කටේ තියාගෙන මේ කතාව කියන්නේ. මේ අය මනසත් එක්කයි වැඩ කරන්නේ. අනෙක බන්දුල ගුණවර්ධන මහත්තයා කිව්වා හෝමාගම ලොකුම කී‍්‍රඩාංගණය හදනවා කියලා. ඒකට මුලින්ම සංගක්කාරයි, මහේලයි විරුද්ධ වුණා. ඒ හේතුව සාධාරණයි. එච්චර මුදලක් වෙන් කිරීමට අවශ්‍ය නෑ කියලා ඒ අය කිව්වා. ඒ අයට දේශපාලන පක්ෂයක් නෑ. හැමදාම ඒ අය කී‍්‍රඩාව වෙනුවෙන් පෙනී සිටියා.

නමුත් මේ ආණ්ඩුවේ අය නම් කතා කරන්නේ ගැලරියට. අර බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා කිව්වා නැවක ගෙනාපු බඩුවල ලිපින මැකිලා කියලා. එයා ඒ කියන්නේ තමන්ගේ අයටයි. ඒ අය ඒක පිළිගනීවි.

කි‍්‍රකට් කී‍්‍රඩාව ගැන කියපු කතාව ගැන අපිට නම් හරිම දුකයි. අපි ජාත්‍යන්තර වීරයන් සේ සලකන කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට මේ වගේ දෙයක් කිරීම ගැන මට නම් හරිම කනගාටුයි. මේ අය ඉදිරියේදී ඒ කී‍්‍රඩකයන්ට පොල් ගහයි ද දන්නේ නෑ. මම නම් කියන්නේ ඒ තරගය දිනන්න අපේ කොල්ලෝ ටික කොපමණ මහන්සි වුණාද කියලා ආයෙත් රූපවාහිනියේ පෙන්විය යුතුයි.

අනෙක් එක මේ චෝදනාව ගැන ඒ කී‍්‍රඩකයන් එළියට ඇවිත් කතා කරන්න ඕනෑ. මේක භයානක තත්ත්වයක්. අපිට තිබෙන එකම ගැලවුම කි‍්‍රකට් විතරයි. අපේ හැම දෙයක්ම දැන් වැටිලා ඉවරයිනේ. මේ දේත් නැති කරන්නයි දැන් මේ අය හදන්නේ.

එදා ගෝඨාභය ජනාධිපතිතුමා මහ බැංකු නිලධාරීන්ට බැණ්නාට ඇත්තටම බැණ්නේ මුදල් ඇමැතිවරයාට නේ. අයියට බණින්න බැරි හින්දානේ නිලධාරීන්ට බැණ්නේ. එතකොට මහින්දානන්ද මහත්තයාත් මේ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වෙලා සිටි කාලයේ සිද්ධ වුණු දෙයක් ගැනනේ. මහින්ද රාජපක්ෂව දේශපාලනයෙන් ඉවත් කරන්න ගහන දේශපාලන ගේම් එකක්ද දන්නේ නෑ. අනෙක ලැජ්ජ නැතුව හිටපු කී‍්‍රඩා ඇමැති විදිහට කියනවානේ තමන්ගේ කාලයේ තරග පාවා දුන්නා කියලා.

අපේ කී‍්‍රඩකයන්ව කොතරම් වට්ටනවාද කියලා බලන්න. බඩ වැඩියි, දුවාගන්නත් බෑ කිව්වානේ මීට කලින්. පිටරටවල් නම් එහෙමද. ඒ නිසා මේ කරපු නින්දිත ප‍්‍රකාශය අපි හෙළා දකිනවා.

මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට ද ඇය පිළිතුරු දුන්නාය.

ප‍්‍රශ්නය – මැතිවරණයක් ඉදිරියේ මහින්දානන්ද අලූත්ගමගේ මහතා හොඳට ලකුණු ගන්න වැඩක්ද මේ කරන්නේ?

පිළිතුර – එතුමාට ඒ කාලේ කියන්න තිබුණානේ. එහෙම කියන්නේ නැතුව අපේ ආණ්ඩුව කාලයේදීවත් මේක කිව්වේ නෑනේ. මේ ආණ්ඩුව අර්බුදයක් කරලානේ බලයට ආවේ. මේ දේ දැන් ජනතාවට තේරෙනවා. ඒ නිසා ජනතාවගේ ප‍්‍රසාදය දැන් අඩු වෙනවා. එහෙනම් එදා කියන්න තිබුණා, පරීක්ෂණයක් ඉල්ලන්න තිබුණානේ. ඇයි දැන් මේක කියන්නේ. මේ කරන වැඬේ හරි වැරදියි. අපේ තිබෙන සම්පත් ටිකවත් ආරක්ෂා කරන්නේ නෑ. අනෙක මහේල, සංගක්කාර කියන්නේ ලෝකේ පිළිගන්න දෙන්නෙක්. අපේ ආණ්ඩුවට එරෙහිවත් මේ දෙන්නා අදහස් ප‍්‍රකාශ කළා. මේ දෙන්නා හෝමාගම කි‍්‍රකට් කී‍්‍රඩාංගණය හදන්න විරුද්ධ වුණානේ. ඒ නිසා තමයි මේ ප‍්‍රහාරය එල්ල කරන්නේ.

– divaina

Related posts

මැතිවරණ කොමිසම ආණ්ඩුවට ආදර ලිපි ලියනවා

Admin

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

ලසන්ත වික්‍රමතුංග භාවිතා කලේ රනිල් වික්‍රමසිංහයි – අහිම්සා වික්‍රමතුංග චෝදනා කරයි

colombotoday

එක රටක් එක නීතියක් වාර්තාව එනකන් ඉන්න. – අලි සබ්‍රිගේ බහු විවාහ ඉල්ලීම කැබිනට් මණ්ඩලය ඉවත දමයි.

colombotoday

ලක්ෂ 70ක හෙරොයින් සමග පාකිස්ථානුවෙක් අල්ලයි

colombotoday

පොදු සතුරාට එරෙහිව සෝමවංශ – වීරවංශ දෙබෑයෝ එක මගේදී යළි හමුවෙයි.

colombotoday