Colombo Today Local News

ඇමතිකමකට රට ජාතිය පාවා දුන්න පා.ච.ගේ තුන් හිතකවත් ලැජ්ජාවක් නෑ.. මධුමාධව අමු සිංහලෙන්ම කියයි

madumadawa aravinda

පිවිතුරු හෙල උරුමයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ජාතික සංවිධායක මධුමාධව අරවින්ද මහතා මෙසේ අදහස් පල කලේය.

අප දැන උන්නා මේ සටන ආරම්භ කරද්දීම රටම පිළි නොගන්නා සිදුවීම් දාමයකට අපට මුහුණපාන්නනට වන බව. ඒ නිසා මෙහි අරුමයක් අපට නොමැති බව මෙන්ම මෙම සිදුවීම් සදහා අප සූදානම්ව සිටි බව අප විසින් මතක්කළ යුතුයි.

අපේ ආගමට දහමට අනුව කියනවා සුදුස්සා සිටිද්දී නුසුදුස්සන්ට ආසන ලැබුනම හොරුන් තීරකයන් බවට පත්වෙනවා. හොරුන් තීරකයන් බවට පත්වූ රටවල් දණ්ඩනයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එවැනි රටවල සත්‍යයට ඉඩක් නොමැති බව අප දැනගෙන සිටියා. ඒ නිසා තක්කඩියන් විසින් පාලනය කරන රටක වෛරය පමනක් පෙරදැරිකරගෙන අනාගතය දකින්න හදන වෘක රැලට අපට කියන්නට ඇත්තේ මීට වඩා දෙයක් කරන්නට නුඹලාට බැරි බව අප දැන සිටි බවයි.

ඒ නිසා මේ අද හිර කූරු ගණින මිනිසා අපේ ආදරණීය නායකයා නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ රටේ ජාතිය සම්බන්ධව ආගම සම්බන්ධව අභීතව කටයුතු කලා වගේම නිකැලල් දේශපාලණ නම් ලයිසිතුවේ සිටින පුද්ගලයෙක් බවත් මේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලකයන් පවා පිළිගන්නවා. ඒ නිසා මේ නිකැලල් දේෂපාලඥයාට කැලැල් කරන්නට හොරුන්ට තක්කඩියන්ට මංකොල්ලල කරුවන්ට බැරිබව ඉතිහාසය වගේම අනාගතයත් කියල දෙයි. මොකද මේලෝකෙ ඕනෑ තරම් එවැනි නිකැලැල් පුද්ගලයන් සිරගත කල විට වඩ වඩා ශක්තිමත් වෙච්ච අවස්ථා හා ඒ පුද්ගලයන් ඒ රටේ දේශපාලනය, ලෝක දේශපාලනය අළුතින් ලිව්ව අවස්ථා ප්‍රමාණය අතිමහත්.

ඒ නිසා අප ලැහැස්ති මේ දුන් නුසුදුසු දඩුවම විදිමින් කියාදෙන්නට, අපි මේ සටනට ආවේ ඇත්ත කතාකරන රටක් හදන්නට කියලා. විශේෂයෙන්ම අද මේ කූරු ගණිමින් සිටින්නේ හක්කෙ බුදුරුස් බොක්කෙ දඩමස් තියාගත් නායකයෙක් නෙවෙයි. මොකද එවැනි නායකයෝ තමයි ජාතිය ගැන කතා කරල එකක් ලෝකෙට කියල තව දෙයක් කලේ. අපි එක්සත් ජාතික පක්ෂය හා එකතුවෙන්නෑ කියමින් මහා ඔල්වරසන් නද මැද සිංහ නාද පවත්තපු පාච රණවක ඇමතිකම් වෙනුවෙනුවෙන් තම ජාතිය ආගම පාවාදෙමින් එජාපය සමග තුන්හිතකවත් විලිලැජ්ජාවක් නැතුව එකතුවුනු දවස අපිට මතකයි. ඒ ගමන වෙනස් කල මිනිසා තමයි අද මේ හිරකූරු ගණිමින් ඉන්නේ. තමන් විශ්වාස කල දේශපාලණය රට ජාතිය වෙනුවෙන් ආ ගමන අතර මග නවත්වා එජාපය ලග දන ගැසීමේ පාප කර්මයට හවුල් නොවූ නිසා ඔන්න ඔහුට දුන්න දඩුවම. අපි ඒ දඩුවම සතුටින් බාර ගන්න සූදානම්.

අපිට තිබුනෙ නෑ ඇමති සිහින. ඇමති සිහින වෙනුවෙන් කටයුතු කරන පාච රණවකට අපි ඉතාමත් හොදින් මේක මතක් කරනවා. දවල් මිගෙල් රෑ දනියෙල් චරිතයක් නෙවෙයි උදය ගම්මන්පිල කියන්නේ. මොකද දවල් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා බුද්ධ ධර්මය ගැන රටේ සංස්කෘතිය ගැන කතා කරලා රෑට වාහන අරගෙන ගිහිල්ලා තරුනයන් හප්පලා ගියෙ කොහෙද දන්නෙත් නෑ. ඒව බලන්න ලංකාවෙ පොලීසිත් නෑ. ඒ සිදුවීම් ලස්සනට වහගත්ත මොකද මිගෙල් ඇවිල්ලා කරපු දේ රෑ දනියෙල් ඇවිත් වැරදි බාරගෙන වහල දැම්මා කියල අපි දන්නව. ඒවා නොකරපු මිනිසා තමයි අද හිරකූඩු ගනිමින් ඉන්නේ. ඒ වගේම ගම්මන්පිල මැතිතුමන් අමාත්‍ය වරයෙක් විදිහට සභාපතිවරයෙක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ජාතික දේශපාලකයෙක් විදිහට එතුමන් මේ රටේ අබමල් රේණුවක් හොරකම් නොකල පුද්ගලයෙක් බව අප පුන පුනා කියනවා.

මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් වටේ ඉදලා බඩ මහත්කරගත් කොන්ද පන නැති වෘකයන් රැල අද එජාපය දිහාවට සේන්දු වෙලා. ඔවුන්ට අද මීට වඩා කරන්නට දෙයක් නෑ. එදා සිරිමාවෝ මැතිණියට කලෙත් මේකම තමයි. ඒ නිසා අප කියනවා එජාපයට එදා මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසිකරමින් දේශපාලණිකව පලිගත්තාට 88/89 වෙනකන් හිදින්ට උනා තරුණයන් කලා කරුවන් වල පල්ලට යවන්න. නමුත් මේ අළුත් ආණ්ඩුව පටන් ගන්නෙම fcid එක දාල වෘක දඩයමෙන්. මොකටද මේ දඩයම කරන්නේ මේ රටේ හෙට හදන්නද. නෑ විරුද්ධ වාදීන් දඩයම් කරන්න. තම විරුද්ධ දේශපාලකයන්ව තමන්ට උවමනා ලෙස ගාල්කරන්නට හදපු මේ තුච්ඡ දේශපාලකයන්ට තුච්ඡ බලවේගයට අපි කියන්නේ සිපිරිගෙවල් 100 හදන්ට වෙයි. ලක්ෂ 58ම හිර කරන්න හිරගෙවල් හදන්න. ඊට අමතරව ලක්ෂ 62 හිටපු මේ කුජිත වැඩවලට අප්‍රසාදය පලකරමින් අප සමග අළුතින් එක්වන ලක්ෂ 10ක් 15 මිනිසුන්ටත් ඉන්න හිරගෙවල් හදාපල්ලා. නමුත් හිරගෙවල් වලින් මේ රටේ ජාතිය නිහඩ කල නොහැකි බව ඉතිහාසය පුරාවට හොදට ඔප්පු කල රටක් මේක. මේ සටන නිම නෑ. අපි ලෑස්ති ඕනෑම අභියෝගයකට. පුළුවන් තරම් නටන්න. මොකද ඔහොම නටන්න නටන්න තමයි තමුන්ගේ හෙළුව මේ රටට පෙනෙන්නේ.

පාචට වගේ අපිට මෙතන පච කියන්නට බෑ. අපිට ස්වාමීන් වහන්සේලා කියන්නේ ඡන්ද සටනේ තුරුම්පු නෙවෙයි. පන්සල් කියන්නෙත් අපිට ඡන්ද ලකුණු නෙවෙයි. ඒවා අපේ ජාතියේ සලකුණු. ඒ නිසා අපි පාච රණවකට මතක් කරන්නට කැමතියි ඔබතුමන් අමාථ්‍ය වරයෙක් විදිහට ඉදිද්දි ලක්ෂයක් බැගින් මුදල් පන්සල්වලට දෙද්දි අපි සාධුකාර දුන්නා. ලක්ෂ 5 ගානෙ ලියාගත්තා තමුන්ගේ රිසිට් පතේ. ඒතමයි තමුන්ගේ ජාතිය ආගම වෙන්දේසි කල හැටි. ඒ නිසා අපි කියනවා ජාතිය වෙනුවෙන් කතාකල මිනිසුන් සිරගෙවල්වල ගාල්කරන්න මහ සඝරුවන හිරගෙවල්වල ගාල් කරන්න රණවිරුවන් හිරගෙවල්වල ගාල්කරන්න නුඹට තිබෙන උවමනාව අපිට නෑ. ඒ නිසා මේ අභියෝගවලට කෙළින් මුහුන දෙන්න මේ කදවුර සුදානම් භව අපි රටට මතක් කරනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

එප්පාවල පොස්පේට් නිධියෙන් කාබනික පොහොර මෙටි‍්‍ර‍ක් ටොන් පනස් දහසක්

colombotoday

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

Admin

චමුදිතට එල්ලවූ අසූචි ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි.

colombotoday

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

තවත් ගල්අඟුරු නැවක් මැයි එක දිවයිනට

Admin

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

colombotoday