Colombo Today Local News

එදා රෑ තමයි රෑ.. විමල්ගේ ‘නෝටි වැඩක්’ බානගල හිමියෝ ප්‍රසිද්ධ සභාවේ දිගහරී !

banagala u85ජපානයේ ශ්‍රී ලාංකිකයන්ගේ උණුසුම් පිළිගැනීම් මැද ජපාන සංචාරයක යෙදී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කන්ඩායම සවාරා හ ලංකා ජි විහාරස්ථානය වෙතද ගොඩවන්නට අමතක නොකළහ. පසුගිය ජනවාරි අට යහපාලන රජය වෙනුනේ පෙනී සිටි ජපානයේ සංඝනායක මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ වැඩ වසන්නේ එම විහාරයේය. උන්වහන්සේ එම විහාරයේ අධිපතිත්වයද දරයි.

හිටපු ජනාධිපතිවරයාට ආශිර්වාද පිණිස බෝධි පූජා පිංකම් සහ කෙටි උත්සව සභාවක්ද එම විහාරස්ථානයේ සංවිධානය කර තිබුනු අතර ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. රැස්ව සිටි පිරිස ඇමතූ බානගල උපතිස්ස හිමියෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කරමින් යුද ජයග්‍රහණය වෙනුවෙන් ඔහු කල අනගි මෙහෙවර මහත් ඉහළින් වර්ණනා කලහ. ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රාජ්‍ය නිලධාරියා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, ඔහුගේ සේවය ඉදිරියටත් රටට අවශ්‍ය බවත්, ඔහු රැකගතයුතු නායකයෙකු බවත් හිමියෝ පැවසූහ.

පිරිස අමතන අතරවාරයේ.. “එදා රෑ තමයි රෑ.. වෙලාව දොළහයි…” යනුවෙන් හිමියෝ අමුතු කතාවකට මුළපුරද්දී ඊළගට කියන්නේ කුමක්දැයි අදහාගත නොහැකිව හිටපු ජනාධිපතිවරයා ඇතුළු රැස්ව සිටි මීයට පිම්බාක් මෙන් නිහඩව බලා සිටින්නට විය. එවකට නිවාස ඇමතිව සිටි විමල් වීරවංශ මහතාගේ අනුදැනුම මත අනුගාමිකයන් පිරිසක් විසින් මහ රෑක තමන්ට අයත් යොෂීඩා සොකන්ජි ළදරු පාසලේ ඉඩමක් වටලා කටු කම්බි ගැසූ සිද්ධියක් එලෙස සිහිපත් කළ හිමියෝ ‘අපට සැළකුවේ ඔන්න ඔහොමයි’ යනුවෙන් පැවසීය. පසුව හිමියන් සමග සුහද පිළිසදරේ යෙදුණු මන්ත්‍රී පිරිස පසුගිය සමයේ තමන් අතින් යම් අඩුපාඩුවක් සිදුවූවානම් සමාව අයැද සිටින බවද පැවසූහ.

රටට නායකත්වය දෙමින් මහින්ද රාජපක්ෂ මහතා රටට කළ සේවය ලංකා ඉතිහාසයේ කිසිදු යුගයක සිදු නොවූ බවත් එවැනි පිබිදීමක් හා රටක් වශයෙන් නැගිටීමක් කිසිදු කළක සිදු නොවූ බවත් සිහිපත් කළ හිමියෝ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදුවූ අඩුපාඩුකම් සම්බන්ධයෙන්ද විවේචනය කරන්නට අමතක නොකලහ. එවකට රජයේ ඇතැම් පුද්ගලයන්ගේ නොමනා ක්‍රියාකළාපයන් නිසා මධ්‍යස්ථව සිටි බොහෝ පිරිසක් රාජපක්ෂ රජය ගැන කළකිරුණු බවත්, ජනවාරි 8 පරාජයට එයද බෙහෙවින් බලපෑ බවත් හිමියෝ අවධාරණය කර සිටියහ.

තම රජය සමයේ සිදුවූ අඩුපාඩු පිළිදව මහින්ද රාජපක්ෂ මහතා නැවතත් සිතා බැලිය යුතු බවත්, එම අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියට ආ යුතු බවත් මේ වන විට යහපාලනය රජය පිළිබදව අන්තයටම කළකිරී සිටින පිරිස් නැවතත් මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වීමට සූදානමින් සිටින බවත් හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කර ඇත.

යහපාලන රජය පත්වීමෙන් පසුව ජපානයට ගිය කිසිදු යහපාලන ප්‍රබලයෙකු බානගල හිමියන් බැහැදැකීමට එහි ගොස් නොමැති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිමියන් හමුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සිට එජාපයේ නියෝජ්‍ය ඇමතිවරු දක්වා බෙහෙවින් කලබලයට පත්ව සිටින බවද දැනගැන්මට තිබේ.

Related posts

වස විස නැති ප්‍රදර්ශනයෙන් කෝටි 7ක් යටි මඩි ගහලා !

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව පැරදුණොත් ආණ්ඩුව විසුරුවන්න – එජාප පසුපෙළ කියයි

colombotoday

සයිටම් වගේ 10 ක් 15ක් රටට අවශ්‍යයි – බොදු බල සේනා

colombotoday

යුද අපරාධ සිදුවූවානම් වගකිව යුත්තේ හමුදාපති ෆොන්සේකායි.. යුද්ධයට අණ දුන්නේ ඔහුයි (Video)

colombotoday

ලබන වසරේ පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට කරන ප්‍රකාශ අසත්‍යයි – ඇමති කංචන

Admin

රංජන් රාමනායක 20 තෙක් රිමාන්ඩ්

colombotoday