Colombo Today Local News

Tik Tok හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් 25 හැවිරිදි සැකකරුව අත්අඩංගුවටගෙන ඇත.

අදාළ සැකකරු විසින් ටික්ටොක් නැමැති මාධ්‍ය හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරුගේ මුල් පදිංචිය මුලතිව් බවත් පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් අනාවරණය වී තිබේ.

ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී විවිධ ආකාරයේ ත්‍රස්ත ක්‍රියා වර්ධනය කරන ප්‍රවෘත්ති ඔහු විසින් නිර්මාණය කරඇති බවට ද තොරතුරු හෙළිවී ඇත.

Related posts

ශී‍්‍රලනිපයේ 15 දෙනකුට සජිත්ගෙන් නාම යෝජනා !

colombotoday

එටිසලාට් මෙගා ඩීල් මගඩියේ තවත් තොරතුරු එළියට !

colombotoday

“ජාතිය හා ආගම සංහිඳියාවට බාධාවක්.. බෞද්ධ පාසල්වලට දමිළ, මුස්ලිම් සිසුනුත් ඇතුළත් කළයුතුයි” – චන්ද්‍රිකා

colombotoday

ජාතික රෝහලේ සායනවලට එන රෝගීන්ට විශේෂ දැනුම්දීමක්

colombotoday

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

colombotoday

මන්ත්‍රීවරු සටන දිනයි… බදු රහිත වාහන බලපත්‍රය නැවත ලැබෙයි

colombotoday