Colombo Today Local News

මන්ත්‍රීවරු සටන දිනයි… බදු රහිත වාහන බලපත්‍රය නැවත ලැබෙයි

රජයේ සේවකයන්ට වසර දහයකට වරක් වාහන බලපත්‍ර ලබාදුන්නද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර පහකට වරක් වාහන බලපත්‍රය ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (17) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර පහකට වරක් පත්වන බැවින් මෙම තීරණය ගත් බවත්, එහිදී නවක පැරණි සියලු මන්ත්‍රීවරුන්ට වසර පහකට වරක් වාහන බලපත්‍ර ලබාදෙන බවත් අමාත්‍යවරයා කීය.
රාජ්‍ය නිලධාරීන්ට වඩා මන්ත්‍රීවරුන් කාර්යබහුල බැවින් එලෙස වසර පහකට වරක් බලපත්‍ර ලබාදීම සාධාරණ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

colombotoday

“IMF ණය තාවකාලික සහනයක් පමණයි”: ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටීව් හෑන්ක් කියයි

Admin

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ පයාගල වෙරළට කඩාපාත් වෙයි

colombotoday

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

colombotoday

එජාප වැඩ බලන මහ ලේකම් ධුරයට හිටපු විපක්ෂ නායකයෙක්

colombotoday

යහපාලනය කජ්ජෙ ඉදන් රට කෑවා….

colombotoday