Colombo Today Local News

එටිසලාට් මෙගා ඩීල් මගඩියේ තවත් තොරතුරු එළියට !

rti33ggපෙරේදා දිනයේ අප විසින් සිදුකරනලද “එටිසලාට් ආයතනයෙන් සේවකයන් 300ක් හොරපාරෙන් දොට්ට දමයි” හෙළිදරවුවෙන් පසුව ආයතනයේ සිදුවන මෙම ක්‍රියාවලිය ගැන තවත් තොරතුරු අපවෙත ලැබෙමින් පවතියි.

ඔවුනට අනුව මෙම දංගෙඩියට ගෙනයාමට සුදානම් කර ඇත්තේ ආයතනයේ දැනට වසර 4 කට අධිකව කොන්ත්‍රාත් පදනමේ සේවය කරන Reload සහ කාඩ් බෙදා හරින වෙළඳ නියෝජිතයන්ය. සේවක අකමැත්ත පසෙකලා බලහත්කාරකමින්ම ඔවුන්ව අළෙවිනියෝජිතයන්ගේ වහලුන් කිරීමේ ක්‍රියාවලියට දැනටමත් ඔවුන් විරෝදය පළකර ඇති අතර ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයකටද එලබීමට සුදානමින් සිටී.

පසුගිය සති කිහිපයේ මේ පිළිබඳ විශේෂ සාකච්චා වට කිහිපයක් ප්‍රධාන අලෙවි නියෝජිතයන් සමග පවත්වා ඇත. මේ සියල්ල මෙහෙයවා ඇත්තේ වරෙක එටිසලාට් සමාගමට ගරහමින් ඉවත්ව ගොස් වැලේ වැල් නැතිවී නැවත පැමිණ ඇති කොමිස් පරා නමින් කුප්‍රකට පුද්ගලයෙකු විසිනි.

මෙම 270 පමණ වන සේවක පිරිස ඉවත් කල පසු ඔවුන්ව පාලනය කරන 30 පමණ වන ප්‍රාදේශීය වෙළද කලමනකරුවන්වද ඉවත් කිරීමට සුදානමක් පවතී.මෙයට අවශ්‍ය මුලික අඩිතාලම ලෙස ඔවුන් පසුපස අභ්‍යන්තර විගණක දඩබල්ලන් මෙහෙයවා නැති වැරදි මවා පාමින් මානසික පීඩනය ඇති කිරීමටත් පුද්ගලික ලිපි ගොනුවලට චෝදනා පත්‍ර දැමීමත් දැන් සිදු කරමින් පවතියි.

ආයතනයේ ඉහල කළමනාකාරීත්වය තමාගේ මඩිය තර කරගැනීමට සිදුකරමින් සිටින මේ අත්තනෝමතික ක්‍රියාවලිය බහුතරයක් සේවකයින් අනුමත නොකලද තමාට ලැදි කිහිපදෙනෙකුගේ උදවුවෙන් අගෝස්තු අග බාගයේ හෝ සැප්තැම්බර් මුල් බාගයේ ක්‍රියාත්මක කිරීමට දැන් සියල්ල සුදානම් කර ඇත.

එටිසලාට් දුරකථන සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත විකිණීම සදහා අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධානීන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග එකගතාවයකට පැමිණ ඇති අතර ඒ අනුව දෙපාර්ශවය දූෂිත ගනුදෙනුවකට මුළපුරා ඇත. වෙළදපොල වටිනාකමට වඩා වැඩි මුදලකට සමාගම ටෙලිකොම් වෙත විකිණීම සදහා මේවන විට පිඹුරුපත් සකසා ඇති අතර විකිණීමේදී සමාගමේ ලාභය වැඩිකර පෙන්වීම සදහා මෙලෙස අත්තනෝමතික ලෙස සේවකයන් නෙරපා දැමීමට සූදානම් වෙයි. ඒ පිළිබදව මීට පෙර අපකළ හෙලිදරව්ව මෙතැනින්

Related posts

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියානු පාර්ශ්වයේ අවධානය

colombotoday

බැදුම්කර හොරු කවුද? හරියටම කියන්න ජනපති කොමිසම තවත් මාස 3ක් කල් ඉල්ලයි

colombotoday

බලහත්කාරයෙන් නිවසට කඩාවැදුණු පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර අත්අඩංගුවට

colombotoday

මන්නාරමේ නිවසකින් කෝටි 2 ක අයිස් මතුවෙයි

colombotoday

සහන කටයුතුවල නිරත වී සිටි හිමිනමකට දේශපාලකයකුගෙන් මරණ තර්ජණ

colombotoday