Colombo Today Local News

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය ගැන රුසියානු පාර්ශ්වයේ අවධානය

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පූර්ව දැනුම්දීමකින් තොරව රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාල තුනක්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත ලැයිස්තුවෙන් ඉවත්කිරීම පිළිබඳ ව රුසියානු පාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානය ඒ බව පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය (පැට්රිස් ලුලුම්බා විශ්වවිද්‍යාලය), පිරොගොව් රුසියානු ජාතික පර්යේෂණ වෛද්‍ය විශ්වවිද්‍යාලය සහ ටීවර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානය පවසන්නේ, එම විශ්වවිද්‍යාල ත්‍රිත්වයෙහි නිලධාරීන් පසුගිය වසර කිහිපය පුරා විටින් විට ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීන් හමුවූ බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ගෙවිය යුතු සාමාජික මුදල් ගෙවීම් නිසි ආකාරයට ගෙවූ බවත්ය.

එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසන්නේ ඔවුන් එම තීරණය ගනු ලැබුවේ කරුණු හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව බවය.

රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය හෙවත් රුසියානු මධ්‍යස්ථානය පවසන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය හේතුවෙන් ශ්‍රී ලංකික පුරවැසියන්ට පිරිනමනු ලබන රුසියානු රාජ්‍ය ශිෂ්‍යත්ව සඳහා බලපෑමක් ඇති නොවෙතැයි ඔවුන් බලාපොරොත්තු වන බවය.

එසේ බලපෑමක් ඇති වුවහොත්, ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මුදල් ගෙවීමකින් තොරව ප්‍රධාන පෙළේ රුසියානු විශ්වවිද්‍යාල වල ඉගෙනීමට ඇති අවස්ථාවන් අහිමිවන බවද එම නිවේදනයේ දැක්වේ.

Related posts

සේරුවිල රජමහා විහාරය කිසි දිනක දෙන්නේ නෑ. – කිරිබත්ගොඩ හිමිගේ අසපුව සම්බුද්ධ ශාසනය විනාශ කරන දිලීරයක්. සහරාන්ට වඩා දරුණුයි.

colombotoday

මීළඟ කැබිනට් හමුවට මහබැංකු අධිපතිට සහ මුදල් අමාත්‍යංශ ලේකම්ට කැඳවීමක්

colombotoday

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා ගන්න මැකො දින දෙයි

colombotoday

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තයන් අටදෙනා මෙන්න…

colombotoday

අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමි

colombotoday

වීරයකු ලෙස ඥානසාර හිමි නිදහස් කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමනාකරු චරිත් සේනානායක ඉල්ලයි

colombotoday