Colombo Today Local News

හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහ ඇමති ඇතුළු අන්තවාදීන්ට දුන්නේ කනේ පාරක්

සිවිල් ආරක්ෂක බලකා කර්නල් රත්නප‍්‍රිය බන්දු මහතාට පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් කිලිනොච්චියේදී සිදු කරන ලද උපහාරය උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට සහ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ සිවාජලිංගම් යන මහත්වරුන්ට එල්ල කළ කනේ පහරක් බවත් මෙම සිද්ධිය පාදක කරගෙන ඔවුන් සිය ධූර වලින් ඉල්ලා අස්විය යුතු බවත් රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹදී පැවසීය.

හමුදා නිළධාරීන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ජන ජීවිතයට උපකාර කරන ආකාරය පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක් ඉන් මතු වන බවත් ඔහු සදහන් කියා සිටියේය.

ජාතික පුස්ථකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩළ ශ‍්‍රවණාගාරයේදී එළිය සංවිධානය අද(12) කැඳවූ මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදීන් සිදුකළ විමසීමකදී හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මෙසේද සදහන් කළේය.

‘‘ වර්තමාන රජය බලයට පත්වූ දා සිටම කලේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට කැපවුනු යුධ සහ දේශපාලන නායකත්වය ජාත්‍යන්තරය ඉදිරියේ නින්දිත ලෙස පාවා දීමයි. අප හමුදාවන් විසින් නොකල යුධ අපරාධ කලායැයි පිලිගෙන ඒ මතින් සැකසුනු 30/1 යෝජනාවේ තිබෙන නිර්දේශ එකින් එක ක‍්‍රියාත්මක කරමින් සිටිනවා.

අතුරුදන් වීමේ කාර්්‍යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියට අදාල පනත් සම්මත කරගත්තා. දැන් අපරාධ පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතා පනත සංශෝධනය කරමින් ඒ සදහා අවශ්‍ය ඉඩ ප‍්‍රස්තාව සකසමින් සිටිනවා.

2002 වසරේදී තමයි අපි මේ පනත අත්සන් කරලා තියෙන්නේ. ඒ පනතට අනුව අපරාධ සම්බන්ධයෙන් අපේ රටේ තොරතුරු ඉල්ලිය හැක්කේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලට සහ අපිත් සමග ඒ සම්බන්දව ගිවිසුමක් ඇති කරගෙන තියෙන රටවලට පමණයි.

නමුත් මේ පනතට දාලා තියෙන සංශෝධන මගින් වෙනත් රටවලට, සවිධාන වලටත් අපේ තොරතුරු ලබා ගත හැකියි.

එසේම යම්කිසි රටක් ලබාගෙන තිබෙන ලිකිත සාක්ෂි සහ වීඩියෝ තාක්ෂණය මගින් ලබාදෙන සාක්ෂි අධිකරනයේ පිළිගත හැකි සාක්සි බවට පත් කරලා තියෙනවා. එය චූදිතයාට විරුද්ධව තිබෙන ඉතාම අසාධාරණයක් වනවා.

අද අපේ රටේ රණවිරුවන් හිරේ දානාවා. වර්ථමාන රජය රණවිරුවන්ට කරන මෙම හිරි හැර වගේම මේ රණවිරුවව ජාත්‍යන්තරයට මේ විදියට නින්දිත ආකාරයෙන් පාවා දෙන විට ජනතාව නිහඬව ඉන්නේ ඇයි කියන එක තමයි හමුදාවේ හිටපු පුද්ගළකේ විදියට මම අහන්නේ. ජනතාව දැන්වත් නැගී හිටලා මේ වර්ථමාන පාළකයන්ව පුලූවන් තරම් ඉක්මනට පන්නා දමන්න ඒකරාශී විය යුතුයි.

රටේ ස්වාධිපත්‍යය, රටේ ස්වෛරීභාවය, රටේ අභිමානය ජාත්‍යන්තරයට පාවා දිපු නින්දිත වෑයමක් විදියට තමයි අපි මෙය දකින්නේ. ඒ නිසා ජනතාව ඒකරාශී වෙලා මේ පනත කෙසේ හෝ පරාජය කළ යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ යැයිද ඔහු කියා සිටියේය.

Related posts

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

කඩුවෙන් කැපෙන්නේ මේ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනයි

colombotoday

විපක්ෂ නායකවරයාගේ කාන්තා දින පණිවිඩය

Admin

යහපාලනය නාවික හමුදා බිල්ල, ඩී.කේ.පී දසනායකට සේවා දිගුවක් නොදී ගෙදර යවයි.

colombotoday

අත්අඩංගුවට ගැනීමට පෙර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවගෙන් සටහනක්

colombotoday

කැලණි ගඟේ ජල මට්ටම අඩු වෙයි.. කාලගුණේත් හොඳ අතට හැරෙන ලකුණු

colombotoday