Colombo Today Local News

කැලණි ගඟේ ජල මට්ටම අඩු වෙයි.. කාලගුණේත් හොඳ අතට හැරෙන ලකුණු

kalani

කැලණි ගඟේ ජල මට්ටම නැවත වරක් ක‍්‍රමයෙන් අඩු වීමට පටන්ගෙන තිබෙනවා.

නාගලගම්වීදිය ජල මාපකයට අනුව එහි ජල මට්ටම ඊයේ (20) සවස 3.30ට සඳහන් වූයේ අඩි 7යි දශම 5ක් ලෙසයි. සවස 6.30 වන විට එය අඩි 7යි දශම 2ක් දක්වා අඩු වී තිබුණා.

හංවැල්ල සහ ග්ලේන්කෝස් ජල මාපකවලට අනුව ද කැලණි ගඟේ ජල මට්ටම ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

කළු ගඟේ ජල මට්ටම ද බොහෝ ප‍්‍රදේශවලදී ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. ඊයේ සවස 5.30 වන විට මීටර් 6යි දශම 3යි 7ක් වූ රත්නපුර ජල මාපකයේ ජල මට්ටම සවස 6.30 වන විට සඳහන් වූයේ මීටර් 6යි දශම 2යි 7ක් ලෙසයි.

මේ අතර දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

පවතින වැසි තත්වයන් ද ඉදිරි දින දෙක තුළදී අඩුවනු ඇති බවට එම දෙපාර්තමේන්තුව අනාවැකි පලකරයි.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව මේවන විට කන්කසන්තුරය ප්‍රදේශයට ආසන්න වශයෙන් කිලෝමීටර් 950 ක් ඊසාන දෙසින් පවතින බවද වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ එය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි.

කෙසේවෙතත් දිවයිනේ බස්නාහිර / වයඹ / මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

Related posts

අද මියගියේ රෝගය වසන් කරගෙන සිටි දෙහිවල මොහොමඩ් උම්රිඩ් නමැති මැණික් ව්‍යාපාරිකයායි

colombotoday

ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරීන්ට පහරදීමක්

Admin

මේ රටේ අසාර්ථකම මුදල් ඇමති මංගල සමරවීරයි. මංගල තමයි යම පාලනයේ පියා.. ජඩ දේශපාලනය ප්‍රචලිත කලෙත් ඔහුයි

colombotoday

මද්දට හසුව සිටියදී බෙරා ගත් දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී

colombotoday

අර්ජුන් සල්ලි බෙදයි.. මාධ්‍යටත් අල්ලස්.. එජාප COPE සාමාජිකයන්ට බරටම දොල පිදේනි !

colombotoday