Colombo Today Local NewsTop Stories

මේ රටේ අසාර්ථකම මුදල් ඇමති මංගල සමරවීරයි. මංගල තමයි යම පාලනයේ පියා.. ජඩ දේශපාලනය ප්‍රචලිත කලෙත් ඔහුයි

යහපාලනය වෙනුවට ආණ්ඩුව දැන් මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම අරඹා යමපාලනයක් ඇති කර ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා.

අද මංගල සමරවීර ඇමතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුව මාධ්‍යවේදීන්ට තර්ජනය කර අමු තිත්ත කුණුහරපෙන් බනින බවත් මෙය මංගලගේ යම පාලනය බව ගුණරත්න මහතා සඳහන් කර සිටියා. “මංගල තමයි යම පාලනයේ පියා.. එදා කුරුඳු පොලුවලින් ගැහුවා. රනිල්ට බෑ කිවුවා… රනිල්ට මිස්ටර් බීන් කිවුවා.. ගොබෙල්ස් න්‍යාය දාලා මංගල සමරවීර තමයි ජඩ දේශපාලනය මේ රටේ ප්‍රචලිත කිරීමට වැඩියෙන්ම වැඩ කරලා තියෙන්නේ.

මංගල සමරවීර ඇමතිවරයා පොලිසිය හරි හැටි වැඩකරන්නේ නැති බවට චෝදනා කරන අතර තුර ඔහුගේ කාර්යමණ්ඩල ප්‍රධානියා අමු අමුවේම මාධ්‍යට තර්ජනය කරමින් සිටින බව සඳහන් කර සිටි ඒ මහතා මේ සියල්ලගෙන් පෙනී යන්නේ මංගල සමරවීරගේ බංකලොත් බාවය බවත් මුදල් ඇමති ලෙසට අසාර්ථකම මුදල් ඇමති මංගල සමරවීර බවත් ප්‍රකාශ කර සිටියා.

අගමැති බැඳුම්කරයෙන් හොරකං කල මුදල් පියවීම සඳහා මංගල සමරවීර බදු පනතක් ගෙනල්ලා දුප්පත් මිනිසුන්ගේ පිට බදු පිට බදු ගහලා යම පාලනය සිදුකරන බවත් ඔවුන්ගේ ගෝල බාලයෝ ටික පාරට බැහැල මාධ්‍යවේදීන්ට විරුද්ධව තර්ජනය කරමින් සිටීම තරයේ හෙලා දකින බවත් මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

Related posts

ඉතා අමානුෂික ලෙස දරුවෙකුට පහර දුන් ගුරුවරයෙක් පොලීසියට බාර වෙයි

colombotoday

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday

මැයි 9 මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් පහක් අත්අඩංගුවට

colombotoday

බෙදුම්වාදයට එරෙහිව රටවල් 10ක විදෙස්‌ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමීහු එක්ව නැගී සිටිති

colombotoday

ජනපති දෙන්න කියූ අක්කර 30ක තෑග්ග ගැන කොටස් වෙළෙඳපොළ කරුණු විමසයි

Admin

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin