Colombo Today Local NewsUncategorized

කල් ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගයක් වටලයි.

කළුතර ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ආයතනයක අළෙවි කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ මෙට්‍රික්ටොන් 45 කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.

සබන් නිෂ්පාදනය සඳහා අළෙවි කරමින් තිබූ එම කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 බැගින් වන කොට්ට 1,857 ක් භාරයට ගෙන ඇත.

එම ආයතනය කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ කිලෝග්‍රෑම් 25 ක කොට්ටයක් රුපියල් 5,000කට අළෙවි කර ඇති බව හෙළිවිය.

මෙම වැටලීම පිළිබඳව කළ විමසුමකදී පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසුවේ අදාල කල්ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගය රඳවාගෙන විමර්ශන කරන බවයි.

Related posts

රට දියුණු කිරීමටනම් විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි…

colombotoday

කොටින් බේරාගන්න හිලරි ක්ලින්ටන් දාපු සෙල්ලම් ඊමේල් ගිණුමෙන් හෙළිවෙයි

colombotoday

දින තුනකදී යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,000ක්

colombotoday

සිසුවියක් කැලෑ ප්‍රදේශයකට ගෙන ගිය විවාහකයාව ගස්බඳී

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

නැගෙනහිර පර්යන්තය ගැන 2019 ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා – ඉන්දියාව

colombotoday