Colombo Today Local News

නැගෙනහිර පර්යන්තය ගැන 2019 ගිවිසුමට අනුව රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා – ඉන්දියාව

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවය අනුව සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එහි ප්‍රකාශකයෙක් එසේ පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100% වරාය අධිකාරිය මගින් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සම්බන්ධයෙන් කළ විමසීමට ප්‍රතිචාර වශයෙනි.

“ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය 2019 මැයි මාසයේදී එළැඹි ත්‍රයිපාර්ශ්වික එකඟතාව අනුව එම රටවල්වල සහභාගීත්වයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයි යන්න ඉන්දීය රජයේ බලාපොරොත්තුව වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම නොයෙක්වර අපහට දන්වා තිබේ. ඒ බව නායක මට්ටමින්ද දන්වා ඇත. එසේම මීට මාස තුනකට ඉහත දී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය ද විදෙස් ආයෝජකයින් සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගත්තේය,” යනුවෙන් ඔහු පැවසීය.

Related posts

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday

යහපාලන සමයේ රතන හිමිගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ “වස විස නැති ගොවිතැන” වැඩසටහනට කෝටි ගණනක් වියදම් කරලා.

colombotoday

විහාරස්ථාන හදන්න විශේෂ ගිණුමක්.. ගෝඨා මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

colombotoday

මුලතිව් කෝවිලක් ආසන්නයේ කොටි ආයුධ සොයා කැනිමක්

colombotoday

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට

colombotoday