Colombo Today Local News

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

වෛද්‍ය සැපයීම් අංශයේ දැනටමත් ඖෂධ 156ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එසේම, තවත් ඖෂධ 110ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට පමණක් බව පෙන්වා දෙන එම සංගමය වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ, නව වසර ආරම්භ කිරීමට සිදුව ඇත්තේ ඖෂධ 300ක පමණ හිඟයක් ද සමග බවයි.

ඖෂධ වර්ග 86ක් රෝහල් ගබඩාවල පවා නොමැති බව ද ඔවුන් චෝදනා කරයි.

ඊට අමතරව, ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින්වලට අදාළ සැපයුම්භාර නිලධාරියා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර මාසයකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් ගබඩා අංක හයට සැපයුම් භාර ගැනීම සඳහා නිලධාරියෙකු පත් කර නොමැති බව ද සඳහන්.

එම ගබඩාවට අදාළ ඉමියුනෝග්ලොබියුලින්, ප්‍රති සර්ප විශ එන්නත්, ඇල්බියුමින්, ඇනොක්සිපාරින් වැනි අති සංවේදී ඖෂධ මේ හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

Related posts

අනුර පරද්දන්න සජිත්ට බෑ ජනාධිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Admin

සරුංගලය විදුලි රැහැනේ පැටලී විදුලිසැර වැදුණු දරුවා රෝහලේ…

Admin

රුපියල ඉතිහාසගත බාල්දුවක… ඩොලරය රු 164ත් පනී…

colombotoday

හදුන්නෙත්තිගේ නම විකුණා මුදල් ගරලා

Admin

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday

අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස 5කට නවතී

Admin