Colombo Today Local News

කඩුවෙන් කැපෙන්නේ මේ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනයි

“මේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රාහී මාවත. අපි බලයට එනකොට හිටියෙ සොලවන්න බැරි පර්වතය කියලා කියපු මහින්ද රාජපක්ෂයි. නමුත් මේ ජන රැල්ල ඒ පර්වතය බිම දාලා කුඩුපට්ටම් කරලා දාලා මොකක්ද කළේ ඒ පුටුවේ වාඩි කෙරෙව්වා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උන්නැහැව.” යැයි විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක පොළොන්නරුව – කඳුරුවෙල මධ්‍යම බස් නැවතුම්පොළ අසල පැවැති එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ රැලියකට සහභාගි වෙමින් පැවසීය.

අපි කියන්න කැමැතියි කැහි ගෑනි අපි එළෙව්වා හොටු ගෑනිවත් එළවන්න අවස්ථාව එනවා. අපි විශ්වාස කළේ නෑ එතුමා ඔය පුටුවේ වාඩි කරනකොට යූ.එන්.පී. කාරයෙක් වෙයි කියලා. හැබැයි අපි හිතුවා ශරීරයේ යම් තැනක මොළේ නැත්තන් හදවතේ නැතිනම් අඩු ගාණේ වලිගේ හරි කළගුණ සැලකීමක් තියෙයි කියලා. අද වෙනකොට කළගුණ සැලකීමක් නෑ. අද බුලත් දෙනවා එතුමා පරාජය කරපු අයට. දිනවපු අපිට නෙමෙයි. අපිට පෙන්නන්න හදනවා කඩුවක්. කඩුවක් තියෙනවාලු. කවුරු කැපෙයිද දන්නෙ නෑලු. කඩුවෙන් කැපෙන්නේ මේ මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරනවා.

Related posts

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක් මේ යන්නේ හරි පාරේ.

colombotoday

අහුංගල්ලේ සැකකටයුතු කාන්තා මරණයක්

Admin

ඉරිදා මුළු දිවයිනටම ඇඳිරි නිතිය පැනවේ

colombotoday

දරුවන්ගේ රියැලිටි ෂෝ වලට ළමාරක්ෂක අධිකාරියෙන් වැටක්…

colombotoday

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday