Colombo Today Local Newsextremism & terrorism activities

බොදු බලේ නීතිපතිට මතක් කරදුන් අධිකරණවලට එල්ලවූ මුජාහිදීන් ත්‍රස්ත ප්‍රහාරය

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා 2019 අප්‍රේල් මස 21වන පාස්කු ඉරුදින සිදු කරන ලද ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අත්අඩංගුවට පත්ව ඇති බැවින් පරීක්ෂණ අවසන් වන තුරු ඔහුගේ නීතිඥභාවය අත්හිටුවන ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ඊයේ(17) ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය මගින් බංගලාදේශයේ අධිකරණ පද්දති ඉලක්ක කර එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මතක් කර ඇත.

විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදීන් විසින් ෂරියා නීති පද්ධති ක්‍රියාත්මක කිරීම සදහා ඇති බාධකයක් වශයෙන් සාමාන්‍ය නීතින් ක්‍රියාත්මක කරනු ලබන අධිකරණ පද්ධති සළකන බව ද ඔබතුමන්ගේ අවධානයට යොමු කරමු. මේ සම්බන්ධයෙන් එක් පූර්ව නිදර්ශනයක් වශයෙන් 2005 වසරේ ජමාත් උල් මුජහිදීන් සංවිධානය විසින් බංගලාදේශ ජනරජයේ අධිකරණ පද්ධතියට එල්ල කරන ලද මරාගෙන මැරෙන ත්‍රස්ථ ප්‍රහාර මාලාව පිළිබදව ද සිහිපත් කරමු.

බොදු බල සේනා සංවිධානය සඳහන් කරන මෙම ප්‍රහාරය පිළිබඳව අප කරුණු සොයා බැලු අතර Colombo Today පාඨකයන් වෙනුවෙන් එම කරුණු මෙසේ ගෙනහැර දක්වමු….

ජමාත් උල් මුජාහිදීන් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය බංග්ලාදේශයේ ක්‍රියාත්මක සාමාන්‍ය නීති අහෝසි කොට ඒ වෙනුවට ෂරියා නීති පද්දතියක් රට තුල ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටිමින් 2005 දී අධිකරණය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ගණනාවක් එල්ල කළහ.

2005 නොවැම්බර් 29 වන දින ගාසිපූර් උසාවි සංකීර්ණයේ පිහිටි ගාසිපූර් නීතිඥ සංගමයේ කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පහර දුන්නේය. මෙම පිපිරීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගිය අතර ඉන් 3 දෙනෙකු නීතිඥයින් වූ අතර ප්‍රහාරයෙන් 50 දෙනෙකු තුවාල ලැබූහ.

එදිනම චිතගොං අධිකරණය ඉලක්ක කර තවත් ප්‍රහාරයක් එල්ලවූ අතර එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය අතර පිපිරීමෙන් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු තුවාල ලැබූහ.

මරණ දඬුවම හිමිවූ ප්‍රහරකයෙක් ජිහාඩ් සලකුණ පෙන්වමින්

මෙම ප්‍රහාර එල්ලකිරීම සඳහා ත්‍රස්තවාදීන් නීතිඥවරුන් ලෙස වෙස්වළාගෙන පැමිණ ඇත.

මෙම ප්‍රහාර පිළිබඳව සිදුකල නඩු විභාගයකින් අනතුරුව ජමාත් උල් මුජහිදීන් ත්‍රස්ත සාමාජිකයින් 10 දෙනෙකු එල්ලා මරාදැමීමට ඩකා අධිකරණය විසින් නියම කරන ලදි.

මෙලෙස මරණ දඬුවම නියම වුවේ එනායෙතුල්ලා නොහොත් වලීඩ්, අරිෆූර් රහ්මාන්, මුර්ෂිදුල් උල් ඉස්ලාම් නොහොත් මසුඩ්, සයිදූර් මුන්ෂි, අබ්දුල්ලා අල් ෂොහයිල්, නිසාමුදීන් රේසා, තයෙබුර් රහ්මාන් නොහොත් හසන්, අෂ්රෆුල් ඉස්ලාම්, එම්ඩී ෂෆියුල්ලා නොහොත් තාරික් සහ අද්නාන් සාමි යන අයටයි.

Related posts

“සම්බන්ධන් ගියේ දෙමළ ජනතාවගේ ඉඩම්වලටයි.. මාධ්‍ය ජාතිවාදය අවුලවනවා” – අගමැතිගෙන් මාධ්‍යට දොස්

colombotoday

කබීර් හෂීම්ගේ ගෙදරට එන වාහන නවත්තන්න රාජගිරියේ ඇලක් ගොඩ කරයි..

colombotoday

ඇඟිලි නොගහ හිටියොත් ඒ ඇති

colombotoday

හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ වරාය ඉන්දියාවට !

colombotoday

කටාර් එමීර්වරයා පවුලේ අය සමග මෙරට සංචාරයේ

colombotoday

ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ ආයෝජනයේ අවදානම ගැන මහබැංකුවෙන් නිවේදනයක්

Admin