World

ඉන්දියාවේ නාවික හමුදා කඳවුරක කොරෝනා පැතිරෙයි

ඉන්දියාවේ බටහිර , මුම්බායි නගරයේ නාවික හමුදා කඳවුරක කොරෝනා වයිරසය පැතිර යන බව ඉන්දීය ආරක්ෂක නිලධාරීන් වාර්තා කර තිබේ.

එම කඳවුරෙන් කෝවිඩ් – 19 ආසාදිතයන් 21 දෙනකු තහවුරු කරගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.

මොවුන් බොහෝ දෙනකු රෝග ලක්ෂණ නොපෙන්වූ බවද සඳහන් වේ.

ඔවුන් සියලු දෙනාම එකම නිවාසයක නේවාසිකව සිටි අය වන අතර මේ වනවිට එම කළාපය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

කොරෝනා ආසාදිත නාවික සෙබලුන් 21 දෙනාම රෝහල් ගතකළ බව ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

කෙසේ වුවද කිසිදු නෞකාවක හෝ සබ්මැරීනයක ආසාදිතයන් වාර්තා නොවන බවද ඔවුහු සඳහන් කරති.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉන්දීය නාවුක හමුදා ප්‍රධානී කරම්බීර් සිං අවධාරණය කර සිටියේ නෞකා සහ සබ්මැරීන වෛරසයෙන් තොර කළාප ලෙස පවත්වාගෙන යෑම ඉතා වැදගත් බවයි.

“මෙවැනි වසංගතයක් අප මීට පෙර දැක නැහැ, මෙය ඉතාම භයානක වයිරසයක්, එය ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් වලට අසාමාන්‍ය බලපෑම් ඇතිකර තිබෙනවා. කොවිඩ් – 19 සමග සටන් වදින භටයන් වසංගතයෙන් ආරක්ෂා වීම ඉතාම වැදගත්” යැයි ඔහු පැවසීය. 

ඉන්දියාවේ පැතිරෙමින් පවතින වසංගතය මැඩපැවැත්වීමට නාවුක හමුදාව ප්‍රබල ලෙස දායක වෙයි.

නිරෝධායන කඳවුරු පවත්වාගෙන යන අතර නාවුක හමුදා රෝහල් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන බවට පත්කර තිබේ.

ඉන්දියාවේ මේ වනවිට කොවිඩ් – 19 ආසාදිතයන් 11 906ක් සිටින අතර මරණ 480ක් වාර්තා වී තිබේ.

රටේ සියලුම ප්‍රධාන නගර කොවිඩ් – 19 රතු කළාප ලෙස නම් කර ඇත.

Related posts

ඉන්දුනීසියාවේ භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝව

Admin

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday

ඉර්ෆාන් ඛාන් ජීවිත රඟමඩලෙන් බැස යයි

colombotoday

ඉන්දියාවේ භූකම්පනයක්

Admin

ඉන්දියාවේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday