Colombo Today Local News

ෂරියා විශ්වවිද්‍යාලය ඉදි කළ හිරා පදනමට තවමත් ලියාපදිංචියක් නෑ.

අහිතකර බුද්ධි වාර්තාවක් ලැබී ඇති බැවින් ලියාපදිංචි කළ නොහැකි බව 2012දී දැනුම් දීලා

මඩකළපුව ෂරියා විශ්වවිද්‍යාලය හෙවත් බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනය ඉදිකරන ලද හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ “හිරා පදනම” පිළිබඳ අහිතකර බුද්ධි වාර්තාවක් ලැබී ඇති බැවින් එම පදනම ලියාපදිංචි කළ නොහැකි යැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය 2012 වසරේදී හිස්බුල්ලා මහතාට දැනුම් දී ඇත.

එවකට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා 2011 වසරේ ජුලි මස හත්වැනිදා “හිරා පදනම” ලියාපදිංචි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය වෙත අයදුම්පතක් යොමු කර තිබේ.

එහෙත් එම පදනම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය යහපත් නිර්දේශයක් ලබා නොදී අහිතකර බුද්ධි වාර්තාවක් භාර දී ඇති බැවින් හිරා පදනම ලියාපදිංචි කිරීමට අවසර නොදෙන බව එවකට රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හිස්බුල්ලා මහතාට දන්වා යවා තිබේ.

ඒ අනුව හිස්බුල්ලා මහතාගේ මෙම හිරා පදනම තවමත් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පදනමක් නොවන බවට එහි අධ්‍යක්ෂවරයකු වන ආර්.එස්.කේ. ලේල්වලගේ මහතා ඊයේ (26දා) අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙතද දන්වා ඇත.

Divaina

Related posts

Video: කෝකිලායි හාමුදුරුවෝ දෙමල ජනතාවටත් ආදරෙයි.පන්සල වෙනුවෙන් පෙනී සිටීම අපේ යුතුකමක්

colombotoday

දමිතා අබේරත්නත් බරපතල වංචා විමර්ශන කොමිසමට

colombotoday

ගිය ජනාධිපතිවරණයට කරූ ඉල්ලුවනම් දිනනවා… සජිත් නිසා ලක්ෂ 14 කින්ම පැරදුනා

colombotoday

ජනපති, අගමැති දැන් මහ බැංකුවේ.. මහේන්ද්‍රන් සමග සාකච්ඡාවක !

colombotoday

හම්බන්තොටින් ඉදිරිපත් වෙන්න ඇති බව නිසා සජිත් කොළඹින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙනවා- මහින්ද

colombotoday

රත්තරං කිලෝග්‍රෑම් 10ක් ප්‍රවාහනය කළ අයෙක් කල්පිටියේදී අල්ලයි

colombotoday