Colombo Today Local NewsTop Stories

Video: කෝකිලායි හාමුදුරුවෝ දෙමල ජනතාවටත් ආදරෙයි.පන්සල වෙනුවෙන් පෙනී සිටීම අපේ යුතුකමක්

මුස්ලිම් හෝ හිංදු සිද්ධස්ථානයක ගැටළුවක් ඇතිවුවහෝත් එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න පවසනවා. දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත්සභා මන්ත්‍රීවරු පිරිසක් කෝකිලායි සම්බෝධි විහාරයට කඩා පැනීම පිලිබදව අප කල විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

1983 ඇතිවූ යුද්ධය හේතුවෙන්, උතුරු පළාතේ ජීවත්වෙන අවසාන සිංහලයන් පිරිස ජිවත් වෙන්නේ කෝකිලායි ප්‍රදේශයේ පමණක් බවත් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරය වසර ගණනාවක් පැරණි බවත් විහාරස්ථානයට දෙමල ජාතික සන්ධානය අඩත්තේට්ටම් කරනවානම්, එම පන්සල අයින් කරන්න හදනවානම්, ඒ වෙනුවෙන් කතා කිරීම,රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සිදුකලයුතු යුතුකමක් බවයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

විහාරාධිපති ස්වාමීන් වහන්සේ තමන් පෞද්ගලිකව හඳුනන බවත් රටට යහපතක් වෙන, ප්‍රදේශයට යහපතක් වෙන දෙයක් තිබෙනවානම් උන්වහන්සේ සම්පුර්ණ සහයෝගය ලබා දෙන බව තමන් අද්දැකීමෙන් දන්නා බවත් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.

එම ස්වාමීන් වහන්සේ ක්‍රිස්තියානී පල්ලියත්, ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවත් සමග ඉතා සුහදව කටයුතු කරන බවත් ප්‍රදේශයේ රැකියා ලබා දෙන්නේනම් දෙමල ජනතාවටත් අනිවාර්යයෙන්ම රැකියා ලබා දෙන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කල බව ප්‍රකාශ කර සිටි මෛත්‍රී ගුණරත්න මහතා එලෙස සාධාරණව වැඩකටයුතු කරන ස්වාමීන්වහන්සේ නමකට විරුද්ධව දෙමල ජාතික සන්ධානය කටයුතු කිරීම හෙලාදැක සිටියා.

දෙමල ජාතික සන්ධානය උතුරේ ජනතාවට වැඩකරන පක්ෂයක් ලෙස තමන් පිළිනොගන්නා බවත් ඔවුන්ට සාමය ඇති කිරීමට උවමනාවක් නැති බවත් ප්‍රකාශ කර සිටි ඒ මහතා කොළඹ සිටිද්දී එක් කතාවකුත් උතුරට ගිය විට තවත් දෙයකුත් පවසමින් ඔවුන් ජාතිවාදය ඇති කරන බව ප්‍රකාශ කර සිටියා. උතුරට ගොස් සිංහල මිනිස්සු තරහකාරයන් සේ සලකා කටයුතු කරන බවත් උතුරේ ජනතාව TNA එක ප්‍රතික්ෂේප කලයුතු කාලය දැන් එළෙඹ ඇති බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

Related posts

පාතාල පුතාගේ අපරාධ මෙහෙයවු මව

colombotoday

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Admin

“ඥානසාර හිමි කුමන්ත්‍රණයකින් හිරකළා” බොදු බලෙන් බුරුම රජයට ලිපියක්

colombotoday

කුවේට් ගිය ගෘහ සේවිකාවගේ ගෙල කැපු මළ සිරුර ශ්‍රී ලංකාවට

colombotoday

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

colombotoday

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දෙයි

Admin