Colombo Today Local News

පොලිසියටත් වඩා සීඅයිඞීය දුර්වලයි – කොළඹ මහාධිකරණ විනිසුරු කියයි

බරපතළ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ වගකීම පැවරී ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සෙසු විමර්ශන නිලධාරීන්ට වඩා කාර්යක්‍ෂම හා දැනුමක් ඇතිව කටයුතු කළ යුතුව ඇතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පොලිසියටත් වඩා දුර්වල බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (26දා) විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.

2005 වසරේදී නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවකට අදාළ පැමිණිල්ලේ ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඊයේ (26දා) දිනයට නියමිත නඩු විභාගය කල්දමන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රියාස් බාරි මහතා ඉල්ලීමක් කළ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස ප‍්‍රකාශ කළේය.

නඩුවක් විභාග කිරීමට දින නියම කර ඇති විටෙක අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වගබලාගත යුතු බවත්, එලෙස නොකිරීම නිසා නඩු විභාගය කල්දැමීම මගින් විත්තියට අගතියක් සිදුවන බවත් විනිසුරුවරයා එහිදී පෙන්වා දුන් අතර නඩු විභාගය අද (27දා) දක්වා කල්තැබීමට නියෝග කළේය.

පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට මූල්‍ය ආධාර ලබාදීම ඇතුළු අධිචෝදනා යටතේ දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ නිලධාරීන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

Related posts

මූලික සුදුසුකම් ‘එස්‌’ තුනයි. සයිටම් සිසුන් 980ක්‌ කොතලාවල යවන කෙටුම්පත මැතිසබයට

colombotoday

Time Out ක්‍රමයට සැමරීමට විදෙස් මාධ්‍යයේ අවධානය

Admin

සත්ව ඝාතන අඩු කරන්න රටින් ගේන මස්වලට බදු අඩුකරයි

colombotoday

ජනපතිගෙන් ඉන්දීය අගමැතිට සුබ පැතුම්!

colombotoday

ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපති සහ මධ්‍යම ආණ්ඩුකාර අතර හමුවක්

colombotoday

හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට

colombotoday