Colombo Today Local News

ඉදිරි දෙසතිය තුළ මත්ද්‍රව්‍ය වරදකරුවන් හතරක් එල්ලා මරයි

මත්ද්‍රව්‍ය වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයන් හතරදෙනකුට මරණ දණ්ඩනය දීම අනුමත කරන ලියැවිලිවලට අත්සන් තැබූ බව ඊයේ (26 දා) කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.

මේ අතර ඉදිරි සති දෙක තුළදී එම මරණ දණ්ඩන කි‍්‍රයාත්මක වන බව කොලොන්නාවේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක සමාරම්භක රැස්වීමේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසා ඇත.

ජනාධිපති මන්දිරයේදී පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සඳහා පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තවදුරටත් මෙසේ සඳහන් කළේය; මිනුවන්ගොඩ අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරපු තේරීම් කාරක සභාව තනිකරම නාටකයක්. මෙය සවසට අරලියගහ මන්දිරයේදී පුහුණුවීම් කරනවා. උදේට පාර්ලිමේන්තුවේදී පෙන්වනවා. තේරීම් කාරක සභාවට මා ගෙන්වන බව සමහරු කීවත් ජනාධිපතිවරයකු තේරීම් කාරක සභාවට ගෙන්වීමේ බලයක් තේරීම් කාරක සභාවට නැහැ. මා එම කාරක සභාව හමුවට යන්නෙත් නැහැ.’

තමා තේරීම් කාරක සභාවට ගෙන්වන බවට පැතිර ගිය ආරංචිය කවුරුන් හෝ ජනමාධ්‍යයට දුන් වැරදි තොරතුරක් බවද ජනාධිපතිතුමා මෙහිදී පැවැසීය. එතුමා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

මේ වේලාවේදී ආණ්ඩුව වගේම විපක්‍ෂයත් අස්ථාවරයි. මා දේශපාලනයට ඇවිත් මේ වනවිට අවරුදු 52 ක් වෙනවා. ඒ කාලය තුළ නොයෙකුත් සන්ධිස්ථානවලටත් හැරවුම් ලක්‍ෂ්‍යවලටත් මා මුහුණ දුන්නා. ඉදිරි ජනාධිපතිවරණයත් මා ලබන එවැනි අත්දැකීමක් විය හැකියි. කෙසේ වුවත් මීළඟ ජනාධිපතිවරණයට තම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුද කියලා කිසිදු පක්ෂයක් තවමත් තීරණය කරලා නැහැ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ තත්ත්වයත් එයමයි. අද හවසටත් ශී‍්‍ර ලනිපය රැුස් වෙනවා.

‘‘18 සහ 19 වන සංශෝධන දෙක රට විනාශ කළා විතරක් නොව රටට ශාපයකුත් වුණා. මීළඟ ජනාධිපතිවරණයට හෝ ඉන් පසුව හෝ මේ සංශෝධන දෙක අහෝසි කළ යුතුයි. මේ දෙක අහෝසි කළොත් 2020 අවුරුද්ද රටට ඉතා සුබ කාලයක් වනවා ඇති. 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට මමත් එයට උදව් කළා. එදා පාර්ලිමේන්තුවේ සිටි මන්තී‍්‍රවරුන් 225 න් 215 ක් එයට පක්‍ෂව ඡුන්දය දුන්නා. මේ සංශෝධනය කළේ පාර්ලිමේන්තුවේ බලතල ජනාධිපතිට ලබා ගන්නයි. අද වනවිට අත්දැකීම් ආශ‍්‍රයෙන් අපට තේරුම් ගිහින් තිබෙනවා මේ සංශෝධන මොනතරම් භයානකද කියලා. මේ සංශෝධන යටතේ ව්‍යවස්ථා සභා බල ගැන්වුණ අතර මානව හිමිකම් කොමිසම වැනි ආයතන මානව හිමිකම් උල්ලංඝනය වීමේ කටයුතු කෙලින්ම ජිනීවා නගරයේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන තත්ත්වයක් ඇතිවුණා.

මේ සංශෝධන නිසා රටට නායකයන් දෙදෙනකු පත් වුණා. එක් කෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ආණ්ඩු කළ අතර අනෙක් තැනැත්තා අරලියගහ යට හෝටලයේ සිට ආණ්ඩු කළා. පසුගිය දවසක රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා කියා සිටියා රියදුරන් දෙදෙනකුට එකවර එකම වාහනය පැදවීම අමාරුයි කියලා. ඒක සම්පූර්ණ ඇත්ත. එක් දේශපාලනඥයෙක් හැට දෙලක්‍ෂයක් වූ ජනතාවගේ ඡුන්දය හරහා ලබාගත් ලයිසන් එකෙන් වාහනය පදවනවිට තවත් හාදයෙක් පාර්ලිමේන්තුව මගින් ලබාගත් ලයිසන් එකෙන් වාහනයට නැග ගියර් දැමීමටත් සුක්කානම හැරවීමටත් තැත්කරනවා. එවිට වාහනය ගැහෙනවා. අනතුරු ඇතිවෙනවා. 19 සංශෝධනය තනිකරම භඨධ අවශ්‍යතාවක්.

ඇමරිකාව සමග අත්සන් කිරීමට සූදානම් වන සෝපා ගිවිසුමටද අලූත් ඉඩම් පනතටද විදේශික හමුදාවන්ට මෙහි නිදහසේ පැමිණීමට අවකාශ ලැබෙන ඪසිසඑසබට ත්‍දරජැ ගිවිසුමටද තමා මහත් සේ විරුද්ධ බව ජනාධිපතිතුමා මෙහිදී තවදුරටත් සඳහන් කළේය.

Related posts

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තයන් අටදෙනා මෙන්න…

colombotoday

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

colombotoday

මුස්ලිම් මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවට තර්ජනයක් !!

colombotoday

කිරිපිටි කියා නවසීලන්තයෙන් ගෙන්වන්නේ රසායනික කුඩක්… ඌරු තෙල්, කටු පොල් තෙලුත් අඩංගුයි…

colombotoday

මතුගම නිවසකට කඩා වැදී දෙදෙනක් කාන්තාවක වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

නිදා සිටි යාචකයෙකුට පෙට්‍රල් දමා ගිනි තියලා

Admin