Colombo Today Local News

දළදා වැන්ද ඉන්දීය විදේශ ඇමති

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (3) මහනුවරට ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගනිමින් ආශීර්වාද ලබාගත්තේ ය.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයෙන් ඉකුත් දා (2) වැනිදා රාත්‍රියේ මෙරට ට පැමිණියේ ය.

මෙරට සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මහනුවරට පැමිණ ශ්‍රී දළදා වහන්සේගේ ආශීර්වාද ලබාගත්තේ ය.

ඉන්දීය විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්දු-ලංකා දෙරටේ ජනතාවගේ සුබ සිද්ධිය සහ සෞභාග්‍යය මෙන්ම දෙරටේ ජනතාව අතර සියවස් ගණනාවක් මුළුල්ලේ පවතින බැඳීම් තවදුරටත් ශක්තිමත් වේවා යි ප්‍රාර්ථනා කළ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Related posts

රාජිත-චතුර CCDයට

colombotoday

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

colombotoday

අභ්‍යන්තර පරීක්ෂණයට උපදෙස් දෙන්න ජාත්‍යන්තර යුධ අධිකරණ නීතිපති “මොටෝ ලු ගූච් ” ලංකාවට

colombotoday

බදුර්දීන්ගේ මල්ලී, හොර ඔප්පු හදා මන්නාරමේ මහා ඉඩම් ජාවාරමක !

colombotoday

හෙළ උරුමය පුංචි ඡන්දයට එජාපයෙන් !

colombotoday

“ඒකාබද්ධ විපක්ෂයත් මහනාහිමිවරුන්ගේ මතය පිළිගන්නේ නෑ.. ජනිපෙ අපි ඉවත්වෙනවා“ – විමල්

colombotoday