Colombo Today Local News

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් පුද්ගලයින්ට ලබාදුන් රුපියල් 5000 දීමනාවේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයෙන් අනතුරුව ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ නියමිත මුදලට වඩා වැඩිපුර ගෙවීම් වැනි සිදුවීම් අදාළ සහන වැඩපිළිවෙළේදී සිදුව ඇති බවට අනාවරණය වූ බවයි.

එවැනි සිදුවීම්වලින් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ කරමින් සිදුවීම් වාර්තා වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදාළ නිර්දේශ යොමුකළ බව ඔහු පවසයි.

විගණකාධිපතිවරයා සඳහන් කළේ, අදාළ විගණනය බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල ක්‍රියාත්මක කළ බවයි.

මේ, පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පවසයි.

Related posts

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

colombotoday

කොළඹ සහ ගම්පහ පොලිස් බලප්‍රදේශ 6ක් හුදකලා තත්ත්වයෙන් ඉවතට

colombotoday

නාගානන්ද නයිනටවන වංචා කාරයෙක්. ගාමිණි වියන්ගොඩ කියයි

colombotoday

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලරය සතියේ දින 5ම විවෘතයි

colombotoday

ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

colombotoday