World

ඉන්දියාව අභිබවා ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය වෙයි

දරුණු කොවිඩ් රැල්ලකට මුහුණදුන් ඉන්දියාව අභිබවා ගිය ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ.

මේ වන විට ලොව වැඩිම දෛනික මරණ වාර්තාවන රට වන්නේද ඉන්දුනීසියාවය.

වසංගතය තුළ එරටින් වාර්තාවූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ(20)දින මරණ 1,338 ක් සිදුවී තිබුණි.

එය මේ මස මුලදී වාර්තා වූ දෛනික මරණ මෙන් දෙගුණයක වැඩිවීමකි.

රෝහල්වල රෝගීන් ධාරිතාව ඉක්මවායෑම නිසා බොහෝ පුද්ගලයන්ට නිවෙස්වලදී නිරෝධායනයට ලක්වීමට සිදුවී තිබේ.

එලෙස නිරෝධායනය වෙමින් සිටියදී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු ස්වෙච්ඡා සේවකයන් විසින් රැස්කර අවසන් කටයුතු සිදුකර තිබුණි.

මේ අතර ඉන්දුනීසියාවෙන් නිල වශයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සැබෑ සංඛ්‍යා දත්ත බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව පර්යේෂකයන් පවසයි.

Related posts

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54 ලක්ෂය ඉක්මවයි

colombotoday

මිනිත්තු 20කින් සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණයක්

colombotoday

අමෙරිකාව සමග යුද්ධයකට යන්න රුසියාව ඉරානයට සහාය පළ කරයි

colombotoday

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

colombotoday

ඉන්දියාවේ නාවික හමුදා කඳවුරක කොරෝනා පැතිරෙයි

colombotoday

දකුණු කැලිෆෝනියාවේ කාර්යාල ගොඩනැගිල්ලක වෙඩි තැබීමක්

colombotoday