World

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

චීනය සිදුකරන ඕනෑම ආක්‍රමණයක් හමුවේ තායිවානය වෙනුවෙන් පෙනී සිටින බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ, චීනය යම් හෙයකින් තායිවානය ආක්‍රමණය කිරිමට කටයුතු කළ හොත් අමෙරිකාව ඊට මැදිහත් වන බවය.

විදෙස් නාළිකාව සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ බව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු කථානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසු චීනය විසින් තායිවානයට එරෙහි දැඩි පිළිවෙතක් අනුගමනය කරනු ලැබීය.

කෙසේවෙතත් චීන බලපෑම් හමුවේ නොසැලී සිටිමට තායිවානය වෙත අමෙරිකාව සහය ලබාදෙන බව එරට ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් පාකිස්තාන හමුදාවෙන් ප්‍රහාරයක්

colombotoday

රාහුල් ගාන්ධිගේ පෙත්සම විසි වෙයි – මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමෙ අවස්ථාවත් සුන්

Admin

ඇෆ්ගනිස්තානයෙන් සියලු අමෙරිකානු හමුදා ඉවත් වෙති

colombotoday

ගෝලීය covid-19 ආසාදිතයන් ගණන පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මයි

colombotoday

කොරෝනා වෛරස ආසාදිතයින් හමු නොවූ රටවල් 10ක්

colombotoday

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

colombotoday