World

ඉන්දු – ජපන් ඒකාබද්ධ JIMEX නාවික හමුදා අභ්‍යාසය අවසන්

ඉන්දියාව සහ ජපානය එක්ව දියත් කළ JIMEX නාවික හමුදා අභ්‍යාසයේ 06 වන අදියර වන JIMEX 22 අවසන් වී තිබේ.

ඉන්දියාව සත්කාරකත්වය දැක්වූ එම නාවික හමුදා අභ්‍යාස මාලාවේ මෙවර අදියර ඉකුත් 11 වනදා සිට සතියක් පුරා පැවැත්වුණේ බෙංගාල බොක්ක සාගර කලාපයේදීයි.

මෙවර නාවික හමුදා අභ්‍යාසය සංකීර්ණ මුහුණුවරක් ගත් අතර දෙරටෙහි අති නවීන යුද නෞකා මෙන්ම සබ්මැරීන හා ප්‍රහාරක ජෙට් යානා මෙන්ම හෙලිකොප්ටර් යානා ද ඊට භාවිත කර තිබණි.

ඉන්දියාව සහ ජපානය JIMEX නාවික හමුදා අභ්‍යාසය ආරම්භ කළේ ඉකුත් 2012 වසරේදීයි.

මෙම වසරට යෙදී ඇති එහි 10 වන සංවත්සරය සහ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 70 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නාවික හමුදා අභ්‍යාසයේ 06 වන අදියර පැවැත්වූ බවයි ඉන්දීය බලධාරීන් සදහන් කරන්නේ.

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සහ ජාත්‍යන්තර නාවික කටයුතු හා වෙළඳ කටයුතු වල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණ පෙරදැරිව ඉන්දියාව සහ ජපානය ඒකාබද්ධව ගෙන යන මෙහෙයුම්වල එක් අදියරක් ලෙස මෙම නාවික හමුදා අභ්‍යාසය පැවැත්වෙයි.

Related posts

ඉස්ලාම් ආගම යටතේ කාන්තාවන් ලිංගික වහලුන් කරගත හැකියි.. එංගලන්තයේ ඉස්ලාම් පූජකයෙක් කියයි

colombotoday

මුස්ලිම් විරෝධී විරෝධතා යුරෝපය ගිනියම් කරයි – Photos

colombotoday

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ

colombotoday