Colombo Today Local NewsWorld

“ත්‍රස්තවාදීන්ට වධ දුන්නාට ප්‍රශ්නයක් නෑ“ තහනම් කළ වධක ක්‍රමයක් ට්‍රම්ප් යළි ගෙනෙයි !

ප්‍රශ්න කිරීමේ ක්‍රමයක් වශයෙන් ‘වොටර් බෝර්ඩින් ‘ (waterboarding) සාර්ථක විධි ක්‍රමයක් බව විශ්වාස කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, “ගින්දර සමග සටන් කළ යුත්තේ ගින්දරින්මයි” යැයි පවසයි.

ABC මාධ්‍ය වෙත ඔහු ප්‍රකාශ කළේ අන්තවාදයට එරෙහිව නීත්‍යානුකුලව සටන්වැදීම පිණිස කළයුත්තේ කුමක්දැයි ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සහ CIA අධ්‍යක්‍ෂ මයික් පොම්පියෝ සමග සාකච්ඡා කරන බවයි.

‘වෝටර් බෝර්ඩින්’ යනු යමෙකුගේ මුහුණට නොකඩවා දිය වත්කරමින් දියේ ගිලීම වැනි තත්වයකට පත්කර ප්‍රශ්න කිරීමේ උපක්‍රමයකි.

එය වධහිංසා දීමේ ක්‍රමයක් ලෙස පිළිගැනෙන අතර ඇමරිකාව විසින් තහනම් කරනු ලැබීය.

” ඔවුන් වෙඩි තියනකොට, අපේ මිනිසුන්ගේත් අන් අයගේත් හිස් සිඳිනකොට, මැදපෙරදිග ඉන්න ක්‍රිස්තියානි බැතිමතුන් වීම නිසාම මිනිසුන්ගේ ගෙළ කපා දමන කොට, මධ්‍යතන කාලයෙන් මෙපිට අපි අසා නැති ආකාරයේ දේවල් අයිසිස් කණ්ඩායම කරනකොට, ‘වෝටර් බෝර්ඩින්’ ක්‍රමය තද වැඩියි කියල මට දැනෙයි ද?” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් මෙහදි වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණ සමයේ රුපවාහිනී විවාදයකදී ඩොනල්ඩ් ට්‍රම්ප් අඟවා තිබුණේ ත්‍රස්තවාදී සැකකරුවන් සඳහා ‘වෝටර් බෝර්ඩින්’ වැනි දැඩි ක්‍රම යොදාගන්නා ලෙස ඇතැම්විට හමුදාවන්ට උපදෙස් දෙනු ඇති බවයි.

එහෙත් පසුව සිය ස්ථාවරය මෘදු කළ ඔහු පවසා තිබුණේ හමුදාවට ජාත්‍යන්තර නීති කඩ කිරීමට තමා උපදෙස් නොදෙනු ඇති බවයි.

Related posts

චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

රූපවාහිනියෙන් ආලින්දයට ආ සොදුරු හිතවතා, හේමනලින් කරුණාරත්න දිවි ගමන නිම කරයි

colombotoday

අටමස් බිලිදා ගසක් යට තබා සූදු කෙළි අම්මා

colombotoday

කෝටිපති කතක් නිවස තුල මරා දමලා

colombotoday

චම්පිකගේ ජීප් රිය පැදවූයේ මා නොවෙයි රියැදුරු අධිකරණයට කළ ප්‍රකාශයකින් හෙළිවෙයි

colombotoday

මෛත්‍රීට කියලම මහින්දව අගමැති කරවනවා – ඩිලාන්

colombotoday