Covid 19World

තබ්ලික් ජමාත් සහ කොරෝනා මෙතෙක් කතාව. ඉන්දුනීසියාවේ තබ්ලික් දේශකයින් 800 ක් පමණ අසාදු ලේඛනයට.

ඉන්දුනීසියාවේ තබ්ලික් ජමාත් දේශකයින් 800 ක් පමණ අසාදු ලේඛනයට ඇතුලත් කිරීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එවැන්ජලිස්ත මුස්ලිම් සංවිධානයක් වන තබ්ලික් ජමාත් 2020 පෙබරවාරි මාසයේදී මැලේසියාවේ රැස්වීමක් පැවැත්වූ අතර, එය “අග්නිදිග ආසියාවේ විශාලතම වෛරස් ව්‍යාප්තිය” බවට පත්ව ඇතැයි New York Times පුවත්පත වාර්තා කර ඇත.

මෙම සිව් දින සමුළුවට සම්බන්ධ පුද්ගලයින් 620 කට වැඩි පිරිසක් මැලේසියාවේ වෛරසය ආසාදනය වී ඇති අතර බෘනායි හි කොරෝනා වෛරස් රෝගීන් 73 ක් ද තායිලන්තයේ රෝගීන් 10 ක් ද සමුළුවට සහබාගි වීම හේතුවෙන් වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

එම තබ්ලික් ජමාත් සංවිධානයම දිල්ලියේ Nizamuddin markaz හි පැවැත්වූ රැස්වීමට සහභාගී වූ සාමාජිකයන් ගණනාවක් ද වෛරස් රෝගයට ගොදුරු වී ඇත. මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ දේශකයන් සහ ජනයා නිසාමුදීන් හි පැවැත්වූ සමුළුවට ද සහබාගි වූ බව කියනු ලැබේ. මේ නිසා දිල්ලි බලධාරීන් විසින් එම ප්‍රදේශය මුද්‍රා තබන ලදී. දිල්ලියේ සමුළුව මාර්තු 10 සිට 13 දක්වා පැවති විය. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්තු 13 වනදා කියා සිටියේ කොරෝනා වයිරසය හදිසි අවස්ථාවක් නොවන බවත් මිනිසුන් කලබල විය යුතු නැති බවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙය විය.

පැය 36 ක දීර්ග මෙහෙයුමකින් පසු තබ්ලික් ජමාත් සාමාජිකයින් 2,631 දෙනෙකු දිල්ලි මධ්‍යස්ථානයෙන් ඉවත් කර නිරෝධායනය සඳහා රෝහල් වෙත ගෙන යන ලදී.

සමුළුවට සහභාගී වූ පුද්ගලයින් 10 දෙනෙකු මෙ වනවිට රෝගයෙන් මියගොස් ඇති අතර දිල්ලියේ පමණක් මෙම අවස්ථාවට සහභාගී වූ පුද්ගලයින් 24 දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්‍ෂාන මගින් තහවුරු වී තිබේ. අනෙකුත් ප්‍රදේශවල සිට මෙම සමුළුවට සහබාගි වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

කර්නාටක ප්‍රාන්තයේ තබ්ලික් ජමාත්ට අයත් පුද්ගලයින් 78 දෙනෙකු නිරෝධායනය කර ඇති අතර දිල්ලියට ගිය පුද්ගලයින් 300 ක් පමණ සොයා ගැනීමට උත්සාහ කරමින් සිටී. පුදුචෙරි හි පුද්ගලයින් තිදෙනෙකු හුදෙකලා නිරෝදායනයට ලක් කර ඇත.

තෙලන්ගානා-මහාරාෂ්ට්‍ර දේශ සීමාවේදී බලධාරීන් විසින් ලොරියක නැගී සමුළුවට සහභාගී වී ආපසු යමින් සිටි මගීන් 32 දෙනෙකු නතර කරගෙන තිබේ. මෙම කණ්ඩායම රැස්වීමට සහභාගී වීමෙන් පසු රාජස්ථානයේ අජ්මීර් වෙත ගොස් ඇති බව වාර්තා වේ. නිසාමුදින් සිට ආපසු පැමිණි අය සොයා ගැනීම සඳහා තෙලන්ගානා පොලිසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ. රයාලසීමා හි පුද්ගලයින් 70 දෙනෙකු නිරෝධායනය කර ඇති අතර 40 දෙනෙකු විශාකාපට්ටම් හි හුදකලා නිරෝදායනයට යවා ඇත.

මේ වන විටත් COVID-19 ව්‍යාප්තියේ මර්මස්තානයක් වන පූනේහි පුද්ගලයන් 182 දෙනෙකු නිසාමුදින්හි සම්මන්ත්‍රණයට පැමිණ ඇති බව හඳුනාගෙන තිබේ.

කේරලයේ සිට සිව් දින රැස්වීමට අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු සහභාගී වී ඇති අතර, ඉන් 10 දෙනෙකු නැවත කේරළයට පැමිණ ඇති අතර ප්‍රාන්ත රජය විසින් නිරෝධායනය කර ඇත.

දිල්ලි සමුළුවට සහභාගී වූ 1,500 ක් පමණ දෙනා තමිල්නාඩුවේ සෞඛ්‍ය බලධාරීන් විසින් සොයාගෙන තිබේ. මේ දක්වා සොයාගෙන ඇති අයගෙන් 57 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂා කර ඇත.

ජම්මු හා කාශ්මීරයේ සිදු වූ පළමු COVID-19 මරණය මෙම සමුළුවට සහභාගී වූ පුද්ගලයෙකුගේ මරණයකි. මියයාමට පෙර නයිසාමුදීන් හි තබ්ලික් ජමාත් සභාවට සහභාගී වූ ශ්‍රීනගර්හි ව්‍යාපාරිකයෙකු වන ඔහු, දිල්ලි, උත්තර් ප්‍රදේශ් සහ ආපසු ජම්මු හා කාශ්මීරය වෙත ගුවන්, දුම්රිය හා මහා මාර්ගයෙන් ගමන් කර ඇත. ජම්මු හා කාශ්මීරයේ වාර්තා වෙන සිද්ධීන්ගෙන් 80% කට මෙම පුද්ගලයා සම්බන්ධ වන අතර, තෙලන්ගානා හි ආසධිතයින්ගෙන් 50% ක්ම මාකස්හි පැවැත්වූ රැස්වීමට සම්බන්ධ වේ.

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මෙම මධ්‍යස්ථානයේ රැස්වීම හැඳින්වූයේ “වගකීම් විරහිත ක්‍රියාවක්” ලෙසයි.

Nizamuddin රැස්වීමට සහභාගී වූ ඉන්දුනීසියාවේ දේශකයින් 800 ක් පමණ අසාදු ලේඛනයට ලක් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැන් තීරණය කර තිබේ. එසේ කිරීම සඳහා, සංවිධානයේ විදේශීය සාමාජිකයන් හඳුනා ගැනීම සහ නිරෝධායනය කිරීම සඳහා අමාත්‍යාංශය සියළුම ප්‍රාන්ත ප්‍රදේශවලට ලිඛිතව දන්වා යවා ඇත.

සුරති රාධක්‍රිෂ්ණන්

Related posts

ආසාධ්‍ය කෝවිඩ් රෝගීන් දැක බිය වී දැඩි සත්කාරෙන් පැන දිවූ තරුණයෙකු මිය යයි

colombotoday

ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් දැඩිසත්කාර ඒකකයට

colombotoday

එන්නත කෙරෙහි පමණක් විශ්වාසය තැබීම බරපතළ වරදක්

colombotoday

චාර්ල්ස් කුමරු නිල වශයෙන් හෙට කිරුළු පළදි

colombotoday

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

Admin

ඊශ්‍රායලය ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කරයි

colombotoday