World

ඊශ්‍රායලය ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කරයි

හමුදා බුද්ධි කටයුතු සඳහා භාවිත කළ හැකි උසස් තත්ත්වයේ ඡායාරූප ලබා ගැනීමට සමත් ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කිරීමට ඊශ්‍රායලය අද (06)දින කටයුතු කළේය.

එයින් ලබාගන්නා ප්‍රථම ඡායාරූප පෙළ සතියකින් පමණ ලැබීමට නියමිත ය.

නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩි විස්තර හෙළි නොකළ ද ඊශ්‍රායලයේ රාජ්‍ය ගුවන්විදුලිය පවසන්නේ කලාපීය එදිරිවාදියා වන ඉරානයේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමට එය යොදා ගන්නා බවය.

නමුත් න්‍යෂ්ටික වැඩසටහනට හමුදාමය සම්බන්ධයක් හෝ මානයක් නොමැති බව ඉරානය පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ගෑන්ට්ස් පවසා සිටින්නේ ඊශ්‍රායලයේ ආරක්ෂාවට ඔත්තුසේවා ශක්තිමත්ව පැවතීම “අත්‍යවශ්‍ය” බවය.

Related posts

හැරී පොටර් මන්දිරයට දරුණු ප්‍රහාරයක්

Admin

කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දීයාවටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

Admin

මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.

colombotoday

ජෝ බයිඩන් අමෙරිකානුවන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

චීන ජනපතිට රටවල් 21ක පරිසර සංවිධාන 74 කින් ලිපියක්

colombotoday