World

කෝලිගේ දියණියට දූෂණ තර්ජන කළ මෘදුකාංග ඉංජිනේරුවා අත්අඩංගුවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ දියණිය දූෂණය කරන බවට තර්ජනය කල පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ මෙම පුද්ගලයා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විරාත් කෝලිගේ නායකත්වයෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම එක දිගට ලැබූ පරාජයන් සමඟ උරණ වූ ප්‍රේක්ෂකයෙක් විසින් මෙම තර්ජනය සිදුකර ඇත්තේ සමාජ මාධ්‍ය හරහායි.

මෙලෙස මුම්බායි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ හයිද්‍රාබාද් හි මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවයේ නිරතව සිට ඇති අයෙකු බවට තොරතුරු වාර්තා වී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ තර්ජනය සිදුකිරීමත් සමඟ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලොවපුරා විශාල කතාබහක් ඇතිවූවා.

ඔහු පාකිස්තාන ජාතිකයෙකු ලෙස තම ට්විටර් ගිණුමේ අදාළ සටහන යොදා තිබුනා.

ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ඉන්දීය පොලිසිය විසින් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ලන්ඩන් ප්‍රහාරය ජිහාඩ් වැඩක්.. ඝාතකයා අබු ඉසදීන්.. ජිහාඩ් වොච් අනාවරණය කරයි

colombotoday

Breaking : චීන රොකට්ටුවේ සුන්බුන් මාලදිවයිනේ බටහිර මුහුදට පතිත වෙයි.

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !

colombotoday

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් කොවිඩ් රෝගීන් 07 මරුට

colombotoday

ලොව ධනවත්ම කාන්තාවකගෙන් සුවිසල් ආධාරයක්

colombotoday