World

Breaking : චීන රොකට්ටුවේ සුන්බුන් මාලදිවයිනේ බටහිර මුහුදට පතිත වෙයි.

පෘථිවියට කඩා වැටෙමින් තිබූ චීනයේ විශාලතම රොකට්ටුවේ අවශේෂ කොටස් අද(9) ඉන්දියන් සාගරයට කඩා වැටුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි. එහි සංඝටකවලින් වැඩි ප්‍රමාණයක් නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වූ පසු දැවී විනාශ වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියන් සාගරයේ මාලදිවයිනේ දූපත් සමූහයට බටහිර දෙසින් සාගරයට මෙම සුන්බුන් වැටී ඇත.

බීජිං වේලාවෙන් (GMT 0224) රොකට්ටුවේ කොටස් නැවත වායුගෝලයට ඇතුළු වූ අතර දේශාංශ අංශක 72.47 ක් සහ අක්ෂාංශ අංශක 2.65 ක් උතුරින් පිහිටි ස්ථානයකට සුන්බුන් පතිත වී ඇත.

පෘථිවි පෘෂ්ඨයෙන් වැඩි ප්‍රමාණයක් ජලයෙන් වැසී ඇති හෙයින්, භූමියේ ජනාකීර්ණ ප්‍රදේශයක ගැටීමේ අවදානම අඩු වී ඇති අතර, තුවාල වීමේ සම්භාවිතාව ඊටත් වඩා අඩු බව විශේෂඥයෝ පවසති.

Related posts

පේරු රාජ්‍යයේ රන් ආකරයක ගින්නකින් 27ක් මරුට

Admin

VIDEO : රුසියාවෙන් දරුණු ප්‍රහාර – ISIS ඉලක්ක 263 විනාශයි

colombotoday

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

colombotoday

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

colombotoday

කොලොම්බියාවේ ජනපති ගිය හෙලිකොප්ටර්යට වෙඩි

colombotoday

ලොව ධනවත්ම යාචකයා

Admin