Colombo Today Local News

හොර රහසින් ටියුෂන් පන්තියක් පවත්වලා. | සිසුවියෝ දෙකකට කොරෝනා. | ගුරුවරයාට නීතිමය පියවර

ගම්පහ ප්‍රධාන පාසලක ගුරුවරයකු හංසගිරි පාර නිවෙසක සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් උපකාරක පන්ති පන්තියක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට සහභාගිවූ සිසුවියන් දෙදෙනකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

ඇතිවූ රෝග ලක්ෂණ මත එම සිසුවියන් දෙදෙනාට සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවේදී ආසාදිත තත්ත්වය තහවුරුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේ උපදෙස් මත එම උපකාරක පන්තියට සහභාගි වී ඇති සිසු සිසුවියන් 15 දෙනකු සහ පන්තිය පැවැත්වූ බවත් කියන ගුරුවරයා ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ගත් බවත් ඉදිරි දිනකදී පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත බවත් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් මෙලෙස උපකාරක පන්තියක් පැවත්වූ ගුරුවරයා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

ජෝසප් ස්ටාලින්ට ඇප..

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙක් එජාපයට පනී…

colombotoday

මාධ්‍ය නිදහස යහපාලනයෙන් බල්ලට යයි.. මාධ්‍යවේදීන් 2ක් CIDයට දක්කයි. වැඩේ කුජීතයි රාජිත

colombotoday

මාස 11ක කාලයකදී අලි ඇතුන් 350ක් මරුට

colombotoday

චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් චීනයෙන් පිටුවහල් කරයි

Admin

“උතුරේ හමුදා කදවුරුවලින් පිටත කිසි තැනක බුදු පිළිම එපා“ ආරක්ෂක ලේකම් නියෝග කරයි

colombotoday