Colombo Today Local News

මාධ්‍ය නිදහස යහපාලනයෙන් බල්ලට යයි.. මාධ්‍යවේදීන් 2ක් CIDයට දක්කයි. වැඩේ කුජීතයි රාජිත

sathhada

පසුගිය පාලන යුගයේ සිදුවූ මාධ්‍ය මර්ධනය ගැන වේදිකා දෙපළු වෙනතුරු බෙරිහන් දෙමින් මාධ්‍ය නිදහස දිවි හිමියෙන් රකින බවට දහ අතේ පොරොන්දු දෙමින් බලයට පැමිණි යහපාලනය රජය වසරක් යන්නටත් මත්තෙන් දුන් පොරොන්දු බල්ලට යවා යහපාලන හම පොරවාගත් සිගාලයෙකුගේ උවමනාවට මාධ්‍යවේදීන් දෙදෙනෙකු අද හතරවෙනි තට්ටුවට දැක්කුවේ මාධ්‍ය නිදහසට යහපාලනය දුන් අපමණ අගය මේ යැයි ඡන්දය දුන් ලක්ෂ පනස් තුනක ජනතාවටත් පොදුවේ සමස්ථ රට වැසියාත් හමුවේ ප්‍රදර්ශනය කරමිනි.

ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානි විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා උපුටා දක්වමින් අමාත්‍යවරුන් පිරිසකගේ කීර්තිනාමයට අපහාස වන ආකාරයේ ලිපියක් පල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ‘සත්හඬ’ පුවත්පතේ කර්තෘ දීප්ති කුමාර ගුණරත්න හා ඊට අදාල ලිපිය සැකසු එම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන අද පෙරවරු 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය සහ කැබිනට් ප්‍රකාශක ධූරය දරන රාජිත සේනාරත්න නමැත්තා විසින් අදාල පුවත්පතට හා එහි මාධ්‍යවේදීන්ට එරෙහිව රහස් පොලිස් මූලස්ථානයට අදාල පැමිණිල්ල කර තිබිනි.

[ad id=”1228″]මෙය පැහැදිලි ලෙසම පසුගිය රජය සමයේ තිබූනායි කියූ මාධ්‍ය මර්ධනය යළි ප්‍රතිනිර්මාණය කිරීමකි. පුවත්පතේ පලවු අදලා සම්මුඛ සාකච්ඡාවෙන් රාජිත සේනාරත්නට අපකීර්තියක් සිදුවූවා නම් එසේත් නැතිනම් එයින් ඔහුගේ රෙදි ගැලවුණා නම් පළමුවෙන්ම කළ යුතුව තිබුනේ එය නිවැරදි කරන ලෙසට එම පුවත්පතට දැන්වීමයි. එය සිදුනොකරන්නේ නම් පුවත්පත් මණ්ඩලයට පැමිණිළි කළ යුතුය. එයත් ඉටු නොවන්නේ නම් පුවත්පතට එරෙහිව වන්දි ඉල්ලා නඩු පැවරිය හැකිය. එසේ නොමැතිව පවතින නීතිමය ක්‍රියාවලියට පිටින් ගොස් අපරාධකරුවන් සේ සලකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ජනමාධ්‍යවේදීන් දැක්කවීම නම් යහපාලනය තිබෙන කිසිදු රටක සිදු නොවන්නකි. රටේ පවතින නීතියට පිටින් ගොස් රාජිත සේනාරත්න නමැත්තා කර ඇත්තේ ගැළවුනු රෙද්ද පිටින් තම අඹුඩයද ගලවා රටේ ජනතාවටත් සැබැවින්ම යහපාලනයක් ඇතිකිරීමේ සැබෑ උවමනාවෙන් පසුවන ආණ්ඩුවේ අනිකුත් සාමාජිකයන්ටත් පශ්චාත් භාගය ප්‍රදර්ශනය කිරීමක් නොවන්නේද?

රාජිත සේනාරත්ගේ ඔලමෝට්ටල, අදබාල ක්‍රියාව නිසා සමස්ථ යහපාලන ආණ්ඩුවටම මකා දැමිය නොහැකි මඩ පැල්ලමක් එල්ල වනවා නොඅනුමානය. තමන්ගේ සීමාව ඉක්මවමින් ක්‍රියාකරන මොහුගේ අත්තනෝමතික ක්‍රියාකාලාපය පිලිබදව ආණ්ඩුවේ විශේෂයෙන්ම එජාපයේ ප්‍රබලයන් කිහිප දෙනෙක් දැඩි කනස්සල්ලෙන් සිටින බව දැනගැන්මට ලැබී තිබේ. නමුත් මේ සම්බන්දයෙන් ඔවුන් මුනිවත රැකීම තුළින් සිදුවන්නේ දැළි පිහිය අතින් ගත් මොට්ට රිලවාලට තවත් උඩ පනින්නට ඉනිමං තැබීමක් නොවන්නේදැයි අප ඇසිය යුතුය.

මෙම තැනැත්තා හැසිරෙන්නේ තමන් ජනාධිපතිටත් ඉහලින් සිටින පුද්ගලයෙක් ලෙසය. ජනාධිපති මෛත්‍රීපාලද හැසිරෙන්නේ තමන් රාජිත සේනාරත්නට බය පක්ෂපාත අයෙක් ලෙසය. ඊට හොඳම උදාහරණයක් නම් පසුගියදා ප්‍රබල ඇමැතිවරයෙකුගේ පුතෙකුට මහ රෑදුරකථනයෙන් ඇමතූ ජනපතිවරයා එම පුත්‍රයාගේ ෆේස් බුක් පිටුවෙන් රාජිත විවේචනය නොකරන්නැයි දැනුම් දීමය. තරුණයෙකුගේ ෆේස් බුක් පිටුවකින් රාජිත විවේචනය කිරීමක් පවා ජනාධිපති මෛත්‍රීපාලට රිදෙන්නේ ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෛත්‍රීපාල ජනාධිපතිගේ කන් දෙකේ ඇඟිලි ගහ ගන්නා පිළිතුරක් ඇමැතිවරයා දී තිබේ. මෑත අතීතයේ සිදුවීම් දෙකක් මතක් කර දී ඇති ඇමැතිවරයා, මෙයින්ම රටේ ජනාධිපති තමුන්නාන්සේ නොවන බව පෙනී යන බවද ජනාධිපතිගේ මුහුණටම පවසා ඇතිබව දැනගන්නට ලැබී තිබේ.

කෙසේ වෙතත් අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ යහපාලන ආණ්ඩුවට එරෙහිව ප්‍රතිවිප්ලවයක් ක්‍රියාත්මක බවය. රටේ තුන්වන ආණ්ඩුව වන මාධ්‍යයට අත තබමින් එම ප්‍රතිවිප්ලයට අවි සපයන්නේ ආණ්ඩුවේම මාධ්‍ය ප්‍රකාශකයා බව අගමැතිතුමා අවබෝධ කරගත යුතුය. එබැවින් ආණ්ඩුවේ පිලිකණ්නේ ලගින බල්ලන් ලවා මාධ්‍ය නිදහස බල්ලට දැමීමට ඉඩ නොතබන ලෙස යහපාලනයට ලැදි ජනපතිවරයාගෙනුත්, අගමැතිවරයාගෙනුත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙනුත් අපි දැඩිව ඉල්ලා සිටිමු…

ජනපතිතුමනි, අගමැතිතුමනි ප්‍රතිවිප්ලවය ආණ්ඩුව දෙගොඩතලා යාමට පෙර  ආණ්ඩුවේ ලැගගෙන මාධ්‍යයට කඩා පනින පිස්සු බල්ලන් බැද දමනු මැනවි‍…

(රංජන වීරක්කොඩි)

 

Related posts

IMF කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ලංකාවේ සංචාරයක

Admin

“දිනමිණේ පුවත අමු බොරුවක්” – පොදුජන පෙරමුණෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

හිටපු හමුදාපති දයා රත්නායක ඇතුළු නිලධාරීන් හතරකට නොතීසි !

colombotoday

අත්අඩංගුවට ගැනීමට පොලිසිය එද්දී රන්ජන් යට ඇදුමෙන් දාපු සෙල්ලම් (Video)

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මුලන්කාවිල් දෙමළ වැසියන්ගේත් වීරයෙක්.. මානුෂීය මෙහෙයුමේ විශිෂ්ට සේවාවෙන් බිදක් මෙන්න

colombotoday

නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 818ක් නාවික හමුදා භාරයට

colombotoday