Colombo Today Local News

චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් චීනයෙන් පිටුවහල් කරයි

බහාලුම් පෙට්ටියක් තුළ සැඟවී මැලේසියාවට පළා යෑමට තැත් කිරීමේදී චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වසරකට පසුව එරටින් පිටුවහල් කර තිබේ.

ඔවුන් අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැටවූ හිස් බහාලුමක සැඟවී මෙසේ මැලේසියාවට පළා යාමට තැත් කර තිබුණි.

ඔවුන් 26 හැවිරිදි මදි රාජේන්ද්‍රන් සහ 39 හැවිරිදි ජයකුමාර් තරුමරාසා නමැති ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකි.

ඉකුත් 2023 වසරේ ජනවාරි මස 30 වනදා අදාළ පුද්ගලයන් දෙදෙනා කොළඹ වරායේ නවතා තිබූ “මර්ක්ස් යුනිකෝන් ” නැවට පටවා තිබූ හිස් බහාලුමක් තුළට රහසිගතව ඇතුළු වී ඇත්තේ මැලේසියාව බලා පිටත්ව යාමටය.

එහිදී චීන බලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසුව සැකකරුවන් දෙදෙනා එරටින් පිටුවහල් කිරීමට පියවර ගත් පසුව, අද අලුයම 05.01ට චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත මොවුන් පැමිණීමෙන් පසුව කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ කිරුළපන ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත රැගෙනවිත් තිබේ

Related posts

බදු ගෙවමු, කොටි නගමු !

colombotoday

උසාවි සම්ප්‍රදාය කඩා භික්ෂූන් වහන්සේගේ දෑතට මාංචු දමයි !

colombotoday

අගමැති ඇවිත් ගිය පසු, මීතොටමුල්ලේ අවතැන්වූවෝ දෙස් දෙවොල් තබති.. හෙණ ඉල්ලති (Video)

colombotoday

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව: නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් 3ක් නිදොස් කොට නිදහස්

Admin

ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කරන්න. ස්‌පාඤ්ඤයේ නගර සභාවක් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

මුස්ලිම් දේහයක ඇට කැඩීම ඔහු ජීවත්ව සිටියදී කැඩුවා හා සමානයි. – වැලලෙන්න ඉල්ලා බදුර්දීන් යලිත් ජනපතිට ලියයි

colombotoday