World

ලොව ධනවත්ම කාන්තාවකගෙන් සුවිසල් ආධාරයක්

මැකෙන්සි ස්කොට්, ඇමසොන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ගේ හිටපු බිරිඳ වේ. ඇය ලොව වෙසෙන ධනවත්ම කාන්තාවන් අතුරින් කෙනෙකි.

ඇය පසුගියදා සුවිශේෂී කටයුත්තක් කර තිබේ. සිය ධනයෙන් ඩොලර් බිලියන 2.7ක් පුණ්‍ය ආයතන සඳහා ප්‍රධානය කිරීමට ඇය පසුගියදා කටයුතු කර ඇති බව වාර්තා වේ.

“ඓතිහාසිකව මුල්‍ය ආධාර ලැබී නොමැති සහ වැඩි අවධානයක් යොමු නොකර තිබූ වාර්ගික අසමානතාවය නැතිකිරීම, කලා සහ අධ්‍යාපන ක්ෂේත්‍ර” වෙත එම ධන පරිත්‍යාගය කිරීමට මැකෙන්සි ස්කොට් තීරණය කර තිබුණි.

ඒ අනුව සංවිධාන 286කට එම ආධාර මුදල් ලබා දී තිබේ.

මැකෙන්සි ස්කොට්, ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසොන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ගෙන් 2019 දී දික්කසාද වුවාය. එහිදී ඇයට විශාල වන්දියක් ලැබුණි.

Related posts

රෝමයේ මහල් නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්

Admin

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් සිය ගණනක් මරුට

colombotoday

ජර්මනියෙන් 1200 ක හමුදා බලඇණියක් ISIS විනාශ කිරීමට සිරියාවට යවයි

colombotoday

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් | උද්ඝෝෂකයින්ට වෙඩි ප්‍රහාර

colombotoday

පාකිස්ථානයේදී සීඝ්‍රගාමී දුම්රියක ගින්නක්

Admin

බටහිර කුරුස සන්ධානයට පහර දෙනු ! අල් කයිදාව මුස්ලිම් ලෝකයෙන් ඉල්ලයි

colombotoday