World

දකුණු කැලිෆෝනියාවේ කාර්යාල ගොඩනැගිල්ලක වෙඩි තැබීමක්

දකුණු කැලිෆෝනියාවේ කාර්යාල ගොඩනැගිල්ලක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් සිව් දෙනෙක් මියගොස් තිබෙන බව වාර්තා වේ.

මියගිය අය අතර කුඩා දරුවෙකු ද වන බව විදෙස් මාධ්‍ය පැවසීය.

සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමෙන් සැකකරු තුවාල ලබා ඇති අතර ඔහුව රෝහල්ගත කර තිබේ.

තත්ත්වය “පාලනය කළා,” යනුවෙන් බලධාරීන් පැවසීය.

මාර්තු මාසය තුළ අමෙරිකාවේ සිදුකළ සමූහ වෙඩි තැබීම් හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇති බව සඳහන් වේ.

මාර්තු 16 වනදා ඇට්ලන්ටා නගරයේ සිදුකළ සමූහ වෙඩි තැබීමකින් 8 දෙනෙක් මරණයට පත්විණි.

එසේම කොලරාඩෝ හි වෙළෙඳ සංකීර්ණයක් තුළ සිදුකළ වෙඩි තැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වූ බව වාර්තා වේ.

Related posts

කොරෝනා නිසා ඉතාලියේ වෛද්‍යවරුන් 80ක් හෙද හෙදියන් 25ක් මියගිහින්

colombotoday

“ද එනිග්මා” වෙන්දේසියට

colombotoday

ඊශ්‍රායල් විරෝධී උද්ඝෝෂණ කල 4 ක් ලන්ඩනයේදී අත්අඩංගුවට

colombotoday

රාජ්‍ය විරෝධී, ප්‍රකෝපකාරී ප්‍රකාශ කිරීම සහ ව්‍යාකූලත්වය ඇති කිරීම යන චෝදනා යටතේ හෙෆසාත්-ඉ-ඉස්ලාම් ළමා දේශක අත්අඩංගුවට

colombotoday

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

colombotoday

මුස්ලිම්වරුන්ට විද්‍යාඥයන් විශ්වාස නොමැති නම්, විශ්වාසය පකිස්ථානය කෙරෙහි තිබේ නම් පාකිස්තානයට යා යුතුයි.

colombotoday