Colombo Today Local News

බදුර්දීන්ගේ මල්ලී, හොර ඔප්පු හදා මන්නාරමේ මහා ඉඩම් ජාවාරමක !

badur22

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදුයුදීන් මහතා විසින් කෝටි 4කට (රුපියල් ලක්ෂ 420) වඩා වටින මන්නාරම තලෙයි මන්නාරම පිහිටි අක්කර 40ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර විකිණීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම්දී ඇත.

අධිකරණයට මේ කරුණු වාර්තා කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනි නාලිනී දිසානායක මහත්මියයි.

මන්නාරම, තලෙයිමන්නාරම පිහිටි උප්පුරතිරව් හෙවත් වෙට්ටිතිරව් නැමැති අක්කර 40ක ඉඩමක් සඳහා මේ ව්‍යාජ ඔප්පු සකස්කර ඇත.

මේ සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මාසයේදී අංක 15 ඒ/1/1 ශ්‍රී සද්ධර්ම මාවත, කොළඹ 10 යන ලිපිනයේ පදිංචි අබ්දුල් කාසිම් මොහොමඩ් සලාහි නැමැත්තා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පරීක්ෂණ සිදුකර මේ තොරතුරු සොයාගෙන ඇත.

තමන් විසින් 2013 ජුනි 25 වැනිදා මිලදීගත් අදාළ ඉඩමට උතුරු මැද පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදුයුදීන් මහතා ඇතුළු පිරිසක් ඇතුළුවීමට ඉඩ නොදෙන බව පවසමින් අබ්දුල් කාසිම් මහතා අදාළ පැමිණිල්ල කර තිබේ.

පැමිණිලිකරු විසින් මිලදීගෙන ඇති දේපළ වන්නේ බලයලත් මිනින්දෝරු කේ.වී. සිවකුමාරන් මහතා 2012/07/22 වන දින මැන සාදන ලද අංක 1747 පිඹුර ප්‍රකාරව සහ එම මිනින්දෝරුවරයාගේම 2013/01/30 දිනැති අංක 1747 ඒ දරන පිඹුරේ නිරූපිත ලොට් අංක 01 හා 02 යන කොටස් බව පැවසේ.

එය මිලදීගෙන ඇත්තේ අන්නාමහ වාස් සුසෛ තියොස්, පෙසිලිකා ඩයස්, සුසෛ ඩයස් ලෝරන්ස්, සුසෛ ඇන්තෝනි ඩයස්, සුසෛ ඩයස් සගායම් ඩයස්, සුසෛ ඩයස් ජුලියාස් ඩයස් යන අයගෙන් බවත් රහස් පොලිසිය සිය වාර්තාවෙන් අධිකරණයට වාර්තා කර ඇත.

මෙකී විණුම්කරුවන්ට මෙම දේපළ සම්බන්ධවයෙන් අයිතිය හිමිව ඇත්තේ 1884 පෙබරවාරි මස 02 වැනිදා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ නොතාරිස් තෝමසුපිල්ලෛ ස්වාමිපිල්ලෛ මහතා ලියා ඇති අංක 107 දරන ඔප්පුවෙන් හා 1894/02 04 දින අංක 3202 දරන විකුණුම්කාර ඔප්පුව මගින් හිමිකම් ලද දේපළ මගින් බවට පැමිණිල්ල මගින් ප්‍රකාශ කර ඇතැයි රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත.

මේ අනුව පැමිණිලිකරු විසින් දේපළ මිලදී ගත් එම දේපළේ වැට මායිම් සකස් කර තමන් භූක්තිය ලබාගත් පසු මාස කිහිපයකින් රිෆ්ඛාන් බදියුදීන් ඇතුළු තවත් පිරිසක් පැමිණිලිකරු මිලදී ගත් දේපළ සඳහා ව්‍යාජ ඔප්පු සකස්කර එස්තාෆ් කැපිටල් සිටි දිග්ගල පුද්ගලික සමාගමට විකුණා මුදල් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී අතැයි ද පැමිණිලිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය ප්‍රකාශයෙන් සඳහන් කර ඇත.

මූලාශ්‍රය – රිවිර

Related posts

විපක්ෂයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්න කූට කුමන්ත්‍රණයක් – කිරිඇල්ල චෝදනා කරයි

colombotoday

පොළොන්නරුවේ ස්ත්‍රී දූෂණ 63 ක් : 10 ක් ම 16 ට අඩු දැරියන් !

colombotoday

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday

කුඩු රොෂාන් ගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

බාලවයස්කාර දියණියව මවක් කළ පියා බරපතළ වැඩසහිතව වසර 12ක් සිර ගෙට

Admin

ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!

colombotoday