Colombo Today Local NewsTop Stories

ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම විකුණමින් එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා ප්‍රධාන නායකයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාට එරෙහිව යළිත් වතාවක් කුමන්ත්‍රණයක් ආරම්භ කර තිබේ.

රවී කරුණානායක මහතාට මුදල් ඇමති ධූරය ලබා දෙනවාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරුද්ධ බැවින් එම ඇමතිකම ඔහුට ලබාදී මෙන් වැළකී සිටින්න යැයි “UNP HAPPY FAMILY” ය ලෙස විරුදාවලිය ලත් මලික් සමරවික්‍රම මහතා ප්‍රධාන කණ්ඩායම, පක්ෂයේ තවත් පිරිසක් සමග එක්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයුතු බලපෑම් එල්ල කරමින් සිටින බව අරලිය ගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාට සමීප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූ බව “lankanewsweek” වෙබ් අඩවිය පවසයි.

මේ බලපෑම්වලට යට වී ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් අමාත්‍ය ධූරය හැර ඕනෑම ඇමති ධූරයක් භාර ගැනීමට නොහැකි දැයි විමසමින් රවී කරුණානායක මහතා වෙත පණිවිඩයක් යවා තිබේ.

මේ ගැන ආරංචි වී ඇති දොස්තර රාජිත සේනාරත්න මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඍජුව දැනුම් දී තිබෙන්නේ “අග්‍රාමාත්‍ය ධූරයත් ආණ්ඩුවත් ඔබතුමාට යළි ලබාදීමේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ පුරෝගාමීව සටන් කළේ මලික් සමරවික්‍රමලා ඇතුළු කණ්ඩායම නොව රවී කරුණානායකලා වන නිසා පොරොන්දු වූ පරිදි ඔහුට මුදල් ඇමතිකම ලබා දෙන්න” කියාය.

එක්තරා සුළුතරයක් කියන ආකාරයට යළිත් කටයුතු කිරීමට ගොස් ප්‍රශ්න ඇති කර ගැනීමෙන් වැළකී සිටින ලෙස ද රාජිත සේනාරත්න මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

මලික් සමරවික්‍රම මහතා සමග එක්ව මේ කුමන්ත්‍රණයේ යෙදී සිටින්නේ සජිත් ප්‍රේමදාස,කබීර් හෂීම්,මංගල සමරවීර,සාගල රත්නායක,ආචාර්ය හර්ෂ ද සිල්වා,හරීන් ප්‍රනාන්දු,ආශු මාරසිංහ,ඉරාන් වික්‍රමරත්න සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන් ප්‍රධාන එකොල්ස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් බව හඳුනා ගෙන ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීපතමයෙක් “lankanewsweek” සමග කරුණු තහවුරු කරමින් තරයේ කියා සිටියේ රවී කරුණානායක මහතා මුදල් ඇමති ලෙස පත් කරනවාට ඔහුගේ කිසිදු විරෝධයක් නොමැති අතර ජනාධිපතිවරයාගේ විරෝධය තිබෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමති ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් පමණක් බවය.

දොස්තර රාජිත සේනාරත්න,මනෝ ගනේෂන්,රාවුෆ් හකීම්,පී දිගම්බරන්, සහ රිෂාර්ඩ් බද්‍යුදීන් යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලු නායකයින් ද,එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේර්ධන මහතා වැනි ජ්‍යෙෂ්ඨ නායකයින් බහුතරයක් වගේම බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු පසු පෙළ නායකයින් බහුතරයක් ද තරයේ කියා සිටින්නේ රවී කරුණානායක මහතාට මුදල් ඇමති ධූරය ලබා දිය යුතු බවය.

මේ අතර රවී කරුණානායක මහතාට එරෙහිව මේ වන විට “facebook” ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් සිටින අතර මේ පිටු පස සිටින්නේ ශ්‍යාමිනී සේරසිංහ සහ ඕෂල හේරත් යන අය බව හඳුනාගෙන තිබේ.

ශ්‍යාමිනී සේරසිංහ යනු මනෝ තිත්තවැල්ලගේ සමීපතම හිතවතියක් වන අතර ඕෂල හේරත් යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩලයේ හිටපු නිලධාරියෙකි.
මේ අතර එක්සත් ජාතික පෙරමුණට මතවාදීව සහය පළ කරන ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන දිනේෂ් වීරක්කොඩි මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ මුදල් ඇමති ධූරයට වඩාත්ම සුදුසු රවී කරුණානායක මහතා බවය.
ගණකාධිකාරීවරයෙකු වශයෙන් මුල්‍ය විෂය සහ ආර්ථිකය පිළිබඳව න්‍යායික දැනුමක් ද ව්‍යාපාරිකයෙකු වශයෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රයෝගික දැනුමක් ද තිබෙන නිසා මුදල් ඇමැතිකමට වඩා සුදුසු වන්නේ රවී කරුණානායක මහතා විනා මංගල සමරවීර මහතා නොවේ යැයි පෙන්වා දුන් වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ආචර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා “lankanewsweek” සමග පැවසීය.

2015 සිට මේ දක්වා වූ කාලයේදී හොඳම අය-වැය යෝජනාවලිය ඉදරිපත් කළේ රවී කරුණානායක මහතා බව පෙන්වා දුන් අමින්ද මෙත්සිල පෙරේරා මහතා ඒ දින 100 ආණ්ඩුවෙන් පසුව ඔහු ඉදරිපත් කළ අය-වැය බව ද සඳහන් කළේය.
සියලු දෙනා අද කතා කරන “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ඇතුළු සංවර්ධන උපාය මාර්ග රැසක් එම අය-වැය යෝජනාවලියේ ඇතුලත් වූ බව ද, කෙසේ නමුත් විවිධ පාර්ශවයන් කකුලෙන් ඇද්ද නිසා ඒ කිසිවක් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ බව ද, එදා ඒ සංවර්ධන ව්‍යපෘති ක්‍රියාත්මක කළා නම් මීට වඩා විශාල දියුණුවක් මේ වන විට මේ රටේ පවතින බව ද ඔහු අවධාරණය කළේය.

රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි කරන අතර තෝරා ගත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ගණනාවක මිල ගණන් අඩු කෙරුණේ ද,රටේ බදු අදායම ඉහළ ගියේ ද රවී කරුණානායක මුදල් ඇමතිවරයා යටතේ බව ද අමින්ද මෙත්සිල පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

  • lankanewsweek –

Related posts

රත්නපුරේදී රිය අනතුරක්

Admin

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin

නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

colombotoday

හල්දුම්මුල ප්‍රාදේශීය ලේකම් වරයා අත්අඩංගුවට

colombotoday

2015 මහින්ද පැරැද්දුවේ අපියි, මෙවරත් කවරු දැම්මත් පරද්දනවා, 50%ක් ගන්න දෙන්නෑමයි…

colombotoday

මත්කුඩුවලට ඇබ්බඅහිවූවන් පුනරුත්ථාපන කරන මුවාවෙන් හෙරොයින් විකුණලා

colombotoday