Colombo Today Local News

රාජිත-චතුර CCDයට

විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබු, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරාත්න මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මීට සුළු වේලාවකට පෙර එම ස්ථානයට පැමිණ තිබේ.

පසුගියදා පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමුවීම සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා ඔවුන් දෙදෙනාට කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා දින ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාසයට නොපැමිණෙන බවත් අද දිනයේ තමා ඒ වෙනුවෙන් පැමිණෙන බවත් රාජිත සේනාරත්න මහතා විසින් දන්වා තිබුණි.

තමා සතුව පැවති හඬ පටයක් ලබාගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් පැමිණ පසුගිය 10 වනදා තමන් පැහැරගෙන පිළිස්සුම් තුවාල සිදුකළ බවට “සියරට“ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙකු බව පැවසෙන 62 හැවිරිදි සුජීව ගමගේ මහතා පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ පොලීසිය සඳහන් කර සිටියේ, එම සිද්ධිය ගෙතූ එකක් බවය.

Related posts

දුමින්ද පිම්මකට සැරසෙයි.. ශ්‍රීලනිපයෙන් යන බව ජනපතිට දන්වයි !!

colombotoday

ජනවසම පරිගණක දත්ත මකා දැමීමට ගිය සේවිකාවකගේ වැඩ තහනම්

colombotoday

රථවාහන පොලිසිය ඩිජිටල්කරණයට

colombotoday

බීඩි කොළ කිලෝ 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ඇමරිකානු සෙබළුන් එන්නේ තුවක්කුත් අරගෙනයි..- SOFA ගිවිසුම ගැන කිරිඇල්ල කියයි

colombotoday

නාවික හමුදාපති අද්මිරාල් ධුරයට

colombotoday